Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතය වැලැක්වීමට “පේන් පැකේජ් ”  ක්‍රමය
Sri Lankan news

ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතය වැලැක්වීමට “පේන් පැකේජ් ”  ක්‍රමය

kumudikaBy kumudikaJune 7, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලෝක දුම්කොළ විරෝධී ජාතික දිනය – 2024 (World No Tobacco Day – 2024) වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය එක්ව ජනතාව දැනුවත් කිරීම උදෙසා සංවිධානය කළ විශේෂ වැඩ සටහනක් අද (07) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි.

මෙම වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේ ලෝකයේ සිගරට් හා දුම්කොළ පිළිබදව මතවාදයන් සහ ප්‍රචාරණ ක්‍රමවේදයන් පිළිබදව නවතම අනුගතවීම වන ප්‍රචාරයක් නොමැති සිගරට් අසුරණ “පේන් පැකේඡ්” ක්‍රමවේදයට යා යුතු බවත්, මෙරට සිගරට් හා දුම්කොළ භාවිතය අකර්මණ්‍ය හා අධෛර්ය කිරීමට බදු ප්‍රතිපත්ති වඩා දැඩි කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි. ඒ සදහා නීති රීති සකස් විය යුතු බවද ඔහු පැවසීය.

ලෝක දුම්වැටි විරෝධී දිනය සෑම වර්ෂයකම මැයි 31 දිනට යෙදී ඇත. ඒ වෙනුවෙන් මෙම ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන සංවිධානය කර තිබූ අතර,  සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිට කොළඹ විහාරමහාදේවි උද්‍යානය දක්වා විශේෂ පාගමනක් ද සංවිධානය කර තිබුනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාව බෝවන රෝග වල සිට බෝනොවන රෝග වලට පරිවර්ථනය වී ඇති බවත්, වර්තමානයේ අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග, ආඝාතය, පිළිකා, ස්වසන රෝග ඉතා බහුල ලෙස ජනතාව අතර පැතිරෙන බව ද පැවැසීය. එම රෝග රැසකටම දුම්පානය හේතු සාධක වන බව ද පැවසීය. මෙරට දුම්පානය සහ මත්ද්‍රව්‍ය  භාවිතය අඩුකර ගතහොත් ලොව ජිවත්වීමේ වැඩිම ආයු කාලයක් සහිත රටවල්වල තත්ත්වයට යා හැකි බව ද වැඩිදුරටත් පැවසීය.

මෙහිදී දුම්කොළ භාවිතයෙන් මෙරට ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) සිදු කරන මෙහෙවර අගයමින් විශේෂ ඇගයීමේ සහතිකයක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා වෙත පිරිනැමීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල‍, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත අලාකා  සිං මහත්මිය, බෝනොවන රෝග අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකොන් මහත්මිය ඇතුලු ස්වේච්ඡා සංවිධාන නියෝජනය කරමින් පිරිසක් ද එක්ව සිටියහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපාකිස්තානය පරදා ඇමරිකාව ජය ගනී
Next Article බංගලාදේශය ශ්‍රී ලංකා කණ්ඩායම පරදා ජය හිමි කර ගනී
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.