Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»හමුදා පුහුණුවට මිනිස් ජාවාරම් විරෝධී ක්‍රියාවලිය පිලිබඳ පුහුණුවක් ඇතුලත් කෙරේ
Sri Lankan news

හමුදා පුහුණුවට මිනිස් ජාවාරම් විරෝධී ක්‍රියාවලිය පිලිබඳ පුහුණුවක් ඇතුලත් කෙරේ

kumudikaBy kumudikaJune 9, 2024Updated:June 9, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ආරක්‍ෂක ලේකම් සහ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න මහතා කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා පවත්වන ලද මිනිස් ජාවාරම් පිටුදැකීම පිළිබඳ පුහුණු සැසියේ ආරම්භක දේශනය පවත්වමින් මෙම අදහස් පළ කළේය.

“අපගේ සන්නද්ධ හමුදාවන් දේශසීමා ආරක්‍ෂාව සම්බන්ධයෙන් සහ දේශසීමා හරහා සිදුවන තැනැත්තන් වෙළඳාම් වැළැක්වීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබයි. තවද තැනැත්තන් වෙළඳාම නිසා පීඩාවට පත්වන්නන් පුනරුත්ථාපනය කිරීමේ සහ නැවත සමාජගත කිරීමේ වැඩසටහන් සඳහා සන්නද්ධ හමුදාවන්ගෙන් ලැබෙන මැදිහත්වීම මෙරට මිනිස් ජාවාරම් විරෝධී ක්‍රියාවලියේ තීරණාත්මක සාධකයකි.

‘මිනිස් ජාවාරම්කරුවන්ගේ ජාලයන් ලුහුබැඳීම සහ විනාශ කිරීම සඳහා හමුදා බුද්ධි අංශ සහ අනෙකුත් ආයතන අතර අන්තර් සහයෝගීතාව අතිශයින් වැදගත් වේ. අඛණ්ඩ සුපරීක්‍ෂාකාරිත්වය සහ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම මෙම ජාවාරම්කරුවන්ට එරෙහිව අප සිදු කරන සටනේ සාර්ථකත්වයට විශාල අයුරින් බලපානු ලබයි ’ යනුවෙන් ජෙනරල් ගුණරත්න වැඩිදුරටත් පැවසීය.

2021-2025 කාලසීමාව සඳහා ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළඳාම නිරීක්ෂණය කිරීම සහ ඒවාට එරෙහිව සටන් කිරීම සඳහා වන ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්මේ අනිවාර්ය අංගයක් ලෙස මෙම පුහුණු සැසිය පවත්වන ලදි.

මෙම නොනවතින ප්‍රශ්නයට එරෙහිව ඵලදායි ලෙස සටන් කිරීම සඳහා තීරණාත්මක සාධකයක් වන තැනැත්තන් වෙළඳාම සහ ඊට අදාල ක්‍රියාකාරකම් වලට ආමන්ත්‍රණය කරන දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ වගන්ති සහ ජාත්‍යන්තර නීති රාමු පිලිබඳ අවබෝධ කර ගැනීමට මෙම සැසිය තුලින් සහභාගීවූවන්ට ඵලදායි වේදිකාවක් සැපයීය.

මේ සඳහා ප්‍රධාන සම්පත්දායක නිලධාරීන් වශයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ හරිප්‍රියා ජයසුන්දර මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විසින් මිනිස් ජාවාරම පිළිබඳ පැහැදිලි සහ සවිස්තරාත්මක අවබෝධයක් ලබා දෙමින් දේශන පවත්වනු ලැබීය. තවද පුහුණු සැසිය හා සම්බන්ධවුවන්ගේ ප්‍රශ්න හා ගැටළු නිරාකරණය කරමින් අපරාධ ඵලදායි ලෙස මර්දනය කිරීමට අවශ්‍ය දැනුම ද ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ, ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග, තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඇමරිකානු ගගනගාමී ඇන්ඩර්සන් හදිසි අනතුරකින් මිය යයි
Next Article වාහන ආනයනය නැවත ඇරඹේ
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.