Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට චීනයෙන් නොමිලේ නිල ඇඳුම් රෙදි
Sri Lankan news

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට චීනයෙන් නොමිලේ නිල ඇඳුම් රෙදි

kumudikaBy kumudikaJune 10, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙරට පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් 70%ක නිල ඇඳුම් රෙදි ප්‍රදානයක් 2023 වර්ෂයේ දී ලබා දුන් චීන රජය පසුගිය 2024 වර්ෂය සඳහා ද එම ප්‍රදානය 80% දක්වා වැඩි කර ලබා දීම වෙනුවෙන් චීන රජයට කෘතවේදීත්වය පළ කිරීම උදෙසා චීන තානාපති කී ෂෙන්හොං මහතා සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක් අද දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ පෞද්ගලික මැදිහත්වීම මත 2024 වර්ෂය සඳහා මෙම ප්‍රදානය 80% දක්වා වැඩි කරගැනීමට හැකි වී තිබෙන අතර මෙවර විශේෂත්වයක් වූයේ සෑම දරුවකුට ම එක සමාන ගුණාත්මකභාවයකින් යුත් නිල ඇඳුම් ලබා දීමේ අරමුණෙන් ඉතිරි 20%ක පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රමාණය ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිත ව 80%ක නිල ඇඳුම් රෙදි සැපයූ චීන නිෂ්පාදකයා වෙතින් ම මිල දී ගැනීමට තීරණය කිරීමයි.

ඒ අනුව රජයේ හා රජයේ ආධාර ලබන පාසල් 10,126ක සිසු දරු දැරියන්ට හා අනුමත පිරිවෙන් 822ක ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලාට මෙන් ම සීලමාතාවන්ටත් ගිහි සිසුන්ටත් වශයෙන් 2024 වර්ෂයේ හතලිස් පන් ලක්ෂ පනස් නමදහස් හාරසිය විස්සක සිසුන් සංඛ්‍යාවකට නොමිලේ පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රදානය කර තිබේ

ඓතිහාසික චීන සහල් – රබර් ගිවිසුමේ සිට මේ දක්වා විවිධ අවස්ථාවට ලංකාවට දක්වන ලද සහයෝගීතාවන් පිළිබඳ සිහිපත් කළ අමාත්‍යවරයා මෙරට පාසල් දරුවන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීම සඳහා කරනු ලැබූ ඉල්ලීම සලකා බලමින් චීන රජය ලබා දුන් දායකත්වය අගය කරමින් චීන තානාපතිවරයාට හා එම රජයටත් චීන ජනතාවටත් රජය වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළ කර සිටියේ ය.

මෙහි දී වැඩිදුරටත් කරුණු දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ චීන රජයේ අනුග්‍රහය මත ‍මෙරට පාසල් පද්ධතිය තුළ තොරතුරු ඩිජිටල්කරණ වැඩසටහන ඉතා සාර්ථක ව ක්‍රියාත්මක ව පවතින බවත් මේ වන විට එහි දෙවන අදියරට ළඟා වී ඇති බවත් ය.

පාසල් නිල ඇඳුම් ලබා දීමේ කාර්යයේ දී ඉතා කැපවීමෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට ප්‍රශංසාව පළ කළ චීන තානාපතිවරයා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ හා ජනතාවගේ අවශ්‍යතා ඉටු කර දීමට ඉදිරියේ දී චීන රජයේ සහයෝගය ලබා දෙන බව ද මෙහි දී සඳහන් කළේ ය.

මේ අවස්ථාවට අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු නිලධාරීහු සහභාගී වී සිටියහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleExpo Center Sarjah මැද පෙරදිග විදුලි වාහන ප්‍රදර්ශනය 2025 දියත් කිරීමේ ගිවිසුමක
Next Article NOl කාඩ්පත් ගැටළු සැම්සුන් දුරකථනයත් සමඟ විසඳෙයි
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.