Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 

June 18, 2025

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025

ඉරාන නායකයාට කොන්දේසි විරහිතව යටත් වන ලෙස ට්‍රම්ප් කියයි

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාවේ බිහි කරන බව ජනපති කියයි
Sri Lankan news

දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාවේ බිහි කරන බව ජනපති කියයි

kumudikaBy kumudikaJune 15, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අනාගතයට ගැළපෙන ලෙස දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැඟිල්ලේ පළමු අදියර සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට ඊයේ (14) පස්වරුවේ එක්වෙමිනි.

දුෂ්කර ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද අධ්‍යාපනය වෙනුවෙන් ලබාදිය යුතු ප්‍රතිපාදන වෙන් කිරීමට රජය කටයුතු කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රටේ ශක්තිය අධ්‍යාපනය වන බවද අවධාරණය කළේය.

අද පස්වරුවේ කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසල වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

ජනාධිපතිවරයා සමරු ඵලකය නිරාවරණය කර අභිනව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කළේය.
නව පන්තිකාමර නිරීක්ෂණය කිරීමට ද එක් වු ජනාධිපතිවරයා සිසු දරුවන් සමඟ සුහද කථා බහක ද නිරත විය.

අපොස උසස් පෙළ විභාගයෙන් ඉහළ දක්ෂතා දැක්වූ විද්‍යාලයේ සිසුවියන් වෙත තිළිණ ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද සිහිවටන තිළිණයක් පිළිගැන්විණ.

මෙම නව ගොඩනැඟිල්ලේ පළමු අදියර වෙනුවෙන් රුපියල් මිලියන 450ක මුදලක් වැය කර තිබෙන අතර, එම මුදල රජය සහ දෙමාපියන් විසින් ලබා දී ඇත. ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සම්පූර්ණ කර දෙන ලෙස සිසුවියන් කළ ඉල්ලීම අනුව අදියර දෙකක් යටතේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සම්පූර්ණ කර දීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ආණ්ඩුවක වගකීම වන්නේ රට සංවර්ධනය කිරීම බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙය සටන් පාඨ කියමින් කාලය ගත කිරීමට හැකි යුගයක් නොවන බවද අවධාරණය කළේය.

රට දියුණු කිරීමට නම් අලුත් මාර්ගයක ගමන් කළයුතු බවත් ඒ සඳහා අවශ්‍ය ආර්ථික පරිවර්තනය ඇති කරමින් රට සීග්‍ර දියුණුවක් කරා ගෙන යාමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙල සමඟ දේශපාලනයෙන් තොරව සියලුදෙනා එක්විය යුතු බව ද ඔහු සඳහන් කළේය.

මාදම්පේ ආර්ථික කලාපය නැවත ආරම්භ කිරීමටත්, සංචාරක, ආර්ථික සහ තොරතුරු තාක්ෂණ නගරයක් ලෙස එම ප්‍රදේශය සංවර්ධනය කිරීමටත් රජය සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලාංකික Blooming Blossom මල් අලෙවිසැල ඩුබායි නගරයේදි විවෘත වේ
Next Article නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට ආනයනය කල සුඛෝපභෝගී වාහන 112  ක් – වාහන 5 ක් රේගු භාරයට
kumudika

Related Posts

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 

June 18, 2025

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025

ඉරාන නායකයාට කොන්දේසි විරහිතව යටත් වන ලෙස ට්‍රම්ප් කියයි

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.