Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය කුමන පක්ෂයට ගියත් අපේ සහය දිගටම
Sri Lankan news

ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය කුමන පක්ෂයට ගියත් අපේ සහය දිගටම

kumudikaBy kumudikaJune 16, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන පිළිබඳව ඉදිරි මැතිවරණයේදී බලයට පත්වන දේශපාලන පක්ෂයට වෙනත් මතයක් තිබුණහොත් ඊට ඇහුම්කන් දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී පීටර් බෘවර් මහතා ප්‍රකාශ කලේය. නමුත් එලෙස ඉදිරිපත් කරන මත යථාර්තවාදී විය යුතු බවත් ඒවා ආධාර වැඩසටහනේ නියමිත කාල සීමාව තුළ අවසන් කළ හැකි විය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා ඊයේ(14) පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ගරු කරන බවත් මීළඟ මැතිවරණයේදී බලයට පත් කරගන්නේ කවුරුන්ද යන්න ශ්‍රී ලාංකිකයන් තීරණය කළ යුතු බවද පීටර් බෘවර් මහතා පැවැසුවේය.
කිසිදු හේතුවක් මත වර්තමානයේ ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය වෙනස් කළ නොහැකි බව බෘවර් මහතා අවධාරණය කලේය. 1980 දශකයේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ක් වූ රජයේ ආදායම 2022 වනවිට සියයට 8 ක් දක්වා පහත වැටී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

බදු අඩුකිරීමෙන් ඇති වූ බලපෑම මේ වනවිට අත්විඳීමට තිබෙන බවත් ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයටද එය එක් හේතුවක්වූ බව පීටර් බෘවර් මහතා ප්‍රකාශ කළේය. මෙරට ආර්ථිකය ගොඩ ගැනීම සඳහා රජයේ ආදායම ඉහළ දැමීම අත්‍යාවශ්‍ය කරුණක් බවත් ඒ හේතුවෙන් මෙරට ලබාදී ආධාර වැඩසටහන යටතේ රජයේ ආදායම ඉහළ දැමීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානය යොමුකළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

නැගී එන වෙළඳපොළක් ඇති සහ මැදි අදායම් ලබන රටවල රජයන්හි ආදායම සාමාන්‍යයක් ලෙස දළ දේශීය නිෂ්පාදිතයෙන් 26% ක් වුවත් එම කාල සීමාව තුළදී මෙරට රජයේ අදායම 9.3 % ක් බව පීටර් බෘවර් මහතා පැවැසුවේය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුමට බලපෑමක් එල්ල විය හැකි බවත් විශේෂයෙන්ම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී සහ ආධාර වැඩසටහනේ කාල සීමාව පිළිබඳ ගැටළු ඇතිවීමට ඉඩ තිබෙන බවත් පීටර් බෘවර් මහතා ප්‍රකාශ කළේය.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සියලුම නිල ණය හිමියන්ට විනිවිදභාවයකින් යුතුව එක සමාන අයුරින් සැලකිය යුතු වුවත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අදාළ කාරණයක් නොවන බවද ඔහු පැවැසුවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වැදගත් වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉලක්ක ශ්‍රී ලංකාව සපුරා තිබෙනවාද නැද්ද යන්න බව ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා තිබෙන බවත් ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකාව චීනය සහ නිල ද්වි පාර්ශ්වික ණය හිමියන් සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළඹෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article26 වැනි ශැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ඇරඹෙයි
Next Article UAQ පාලක ගරු අහමඩ් බින් රෂීඩ්  මහතා අල් මුආල්ලා පල්ලියේදී ඊද් අල් අදා යාඥාව සිදු කරයි
kumudika

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.