Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟය ලඟදීම
Sports

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟය ලඟදීම

kumudikaBy kumudikaJune 26, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරණ ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලබන මස 19 වැනිදා දඹුල්ල ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.

මේ තරගාවලියේ නිල කාලසටහන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (25) නිකුත් කළ අතර, මින් පෙර කාලසටහන නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිබුණත් තරග ආරම්භක වේලාවන් නිවේදනය කර නොතිබිණි.

මේ වසරේ කාන්තා විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද පැවැත්වීමට නියමිත බැවින් මෙම තරගාවලියත් විස්සයි20 ආකෘතිය යටතේ පැවැත්වේ.

කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් 9 වැනි වරට පැවැත්වෙන තරගාවලියේ මූලික වටයේ තරග 19 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වෙන අතර, සියලුම දිනවල පස්වරු 2.00ට සහ රාත්‍රි 7.00ට තරගයක් බැගින් පැවැත්වෙනු ඇත.

කාණ්ඩ දෙකකින් පැවැත්වෙන මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක බැගින් 26 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබන අතර, අවසන් තරගය 28 වැනිදා පැවැත්වීමට නියමිතය. සියලු තරග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව වාර්තා වේ.

ආසියානු ශූරතාව 7 වරක් දිනා ගනිමින් වත්මන් ශූරියන් වන ඉන්දියාව සමඟ පාකිස්තානය, එමීර් සහ නේපාලය ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින අතර, ශ්‍රී ලංකාව සමඟ බංග්ලාදේශය, මැලේසියාව සහ තායිලන්තය ‘බී’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙති. වත්මන් අනුශූරියන් (2022) වන ශ්‍රී ලංකාව මේ තරගාවලියේදී 5 වරක් ශූරියන් වී තිබේ.

ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට එරෙහිව ජූලි 20 වැනිදා රාත්‍රි 7.00ට පළමු තරගයට එක්වන අතර, 22 වැනිදා පස්වරු 2.00ට මැලේසියාවට සහ 24 වැනිදා රාත්‍රි 7.00ට තායිලන්තයට එරෙහිව මූලික වටයේදී තරග වැදීමට නියමිතය.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩීසල් නැව් තොග හතරක් ගන්න කැබිනට් අනුමැතිය
Next Article ශ්‍රී ලංකාවේ කඩොලාන රකින්න පොදු රාජ්‍ය මණ්ඩල සහය
kumudika

Related Posts

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.