Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ආසියාවේ ” මහා හස්ති හමුව ”  ශ්‍රී ලංකාවේදී
Sri Lankan news

ආසියාවේ ” මහා හස්ති හමුව ”  ශ්‍රී ලංකාවේදී

kumudikaBy kumudikaJuly 2, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ආසියානු අලි ඇතුන්ගේ ලොව විශාලතම ස්වභාවික එකතුව නොහොත් ‘මහා හස්ති හමුව’ පිළිබඳ දැනුම්වත් කිරීම සහ සංරක්ෂණය අරමුණු කරගත් වැඩසටහනක් වන ‘The Gathering of Giants’ වැඩසටහන සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts) විසින් 2024 අගෝස්තු 9 වැනිදා සිට 11 වැනිදා දක්වා, සිනමන් හබරණ පරිශ්‍රයේදී (Cinnamon Habarana Complex) පැවැත්වීමට නියමිතය.

සෑම වර්ෂයකම නියං සමයේ මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී මෙම සුවිශේෂී ස්වභාවික හමුව සිදුවන අතර මෙය එක් ස්ථානයකට ආසියානු අලි ඇතුන් විශාල ප්‍රමාණයක් ඒකරාශී වන ලොව පිළිගත් ආශ්චර්යවත් ස්වභාවික සිදුවීමක් ලෙස සැලකේ. මෙහිදී හස්තීන් 300කට අධික සංඛ්‍යාවක් මින්නේරිය වැවෙන් ජීවය රැක ගනිති.

සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts), සිනමන් නේච(ර්) ට්‍රේල්ස් (Cinnamon Nature Trails) සහ සෙලාන් බැංකුව (Seylan Bank) එක්ව මෙවර සංවිධානය කරනු ලබන ‘The Gathering of Giants’ වැඩසටහනේ අරමුණ වන්නේ ඵලදායී ලෙස අලි මිනිස් ගැටුම් කළමනාකරණය කිරීමේ සහ සහජීවනයේ අවශ්‍යතාවය අවධාරණය කරමින් මෙම සොබාදහමේ සුවිශේෂී අවස්ථාව සැමරීම සහ සංරක්ෂණය කිරීමය.

මින්නේරිය ජාතික වනෝද්‍යානයට ආසන්නව පිහිටා ඇති සිනමන් ලොජ් හබරණ (Cinnamon Lodge Habarana) සහ හබරණ විලේජ් බයි සිනමන් (Habarana Village by Cinnamon), සංචාරකයන්ට පහසුවෙන් මෙම විශේෂ සිදුවීම නැරඹීම සඳහා අසමසම අවස්ථාවක් ලබා දේ. මෙම වැඩසටහනේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරමින් සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts) හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හිෂාන් සිංහවංශ මහතා සඳහන් කළේ,

‘සංරක්ෂණය සහ තිරසරභාවය සඳහා අපගේ කැපවීම මෙම ‘The Gathering of Giants’ වැඩසටහන මඟින් මැනවින් සංකේතවත් කරනවා. ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා අධ්‍යාපනයේ සහ දැනුවත්භාවයේ තිබෙන බලපෑම සහ වටිනාකම පිළිබඳ අප ආයතනය තරයේ විශ්වාස කරනවා. සිනමන් නේච(ර්) ට්‍රේල්ස් (Cinnamon Nature Trails) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ අලි – මිනිස් සහජීවනයේ වැදගත්කම ප්‍රවර්ධනය කරමින්, සංරක්ෂණ ප්‍රයත්නයන් ජය ගැනීමට අපි උත්සාහ කරනවා.’ බවය.

ජූලි මස සිට ඔක්තෝබර් මස දක්වා පවතින නියං සමයත් සමඟ මෙම වාර්ෂික හස්ති හමුව පැවැත්වෙන අතර අවට ප්‍රදේශවල ජීවත්වන කුඩා අලි රංචු මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානවලට පැමිණෙති. අවශ්‍ය ආහාර සහ ජලය අනෙකුත් ප්‍රදේශවල හිඟවීම නිසා අලි ඇතුන් මෙම ස්ථානය ආශ්‍රිතව ගැවසෙන අතර අලි ඇතුන් රංචු ගැසී ස්නානය කිරීම, ජලය පානය කිරීම, මෙන්ම සිය සහකරු හෝ සහකාරිය සොයා ගැනීම ආදී විවිධ කටයුතු මෙහිදී සිදුවන අතර එය සංචාරකයන්ට චමත්කාරජනක දසුනක් වනු ඇත. මෙය ගෝලීය වශයෙන් හයවන විශාලතම සත්ව එකතුව ලෙස Lonely Planet විසින් නම් කර ඇති අතර BBC සහ CNN විසින් මෙය සංචාරකයන්ට ලැබෙන අමතක නොවන අසමසම අත්දැකීමක් ලෙස ඇගැයීමට ලක් කර තිබේ.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබි නගරයේ ශබ්ද දූෂණය මැඩලීමේ ව්‍යාපෘතියක්
Next Article දකුණු කොරියාව ශ්‍රී ලංකාව පිලිබඳ ගත් ආරක්ෂක පියවරක් ලිහිල් කරයි
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.