Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Air Line»ශ්‍රී ලංකන් ගුවන් ආසන වෙන් කිරීමට ලංසු කැඳවයි
Air Line

ශ්‍රී ලංකන් ගුවන් ආසන වෙන් කිරීමට ලංසු කැඳවයි

kumudikaBy kumudikaJuly 17, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ස්වයංක්‍රීය ආකාරයෙන් ඉහළ පෙළ ආසන වෙන් කිරීම සඳහා ලංසු තැබීමේ සේවා සහ ඒ ආශ්‍රිත අනුයාත සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ස්වයංක්‍රීය ආකාරයෙන් ඉහළ පෙළ ආසන වෙන් කිරීම සඳහා ලංසු තැබීමේ සේවා සහ ඒ ආශ්‍රිත අනුයාත සේවා සඳහා සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් වර්තමානයේ Plusgrade පද්ධතිය භාවිත කරන බව සඳහන් ය. 

ව්‍යාපාරික පංතියේ වෙන් කර නොගත් ආසන පවතින අවස්ථාවේදී පිරිමැසුම් පංතියේ ගුවන් ටිකට් පතක් හිමි මගියෙකුට ව්‍යාපාරික පංතියේ ටිකට්පතක් ලබා ගැනීම සඳහා ලංසු තැබීමේ අවස්ථාව සැලසීම මඟින් ගුවන් සේවාව සඳහා ආදායම් මට්ටම ඉහළ නැංවීම මෙම සේවය ඔස්සේ සිදුවේ. 

මෙම සේවාව පවත්වා ගෙන යාම සඳහා ජාත්‍යන්තර තරගකාරී ක්‍රමය යටතේ ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 2ක් ලැබී ඇතැයි රජය පවසයි.

 එම ලංසු ඇගයීමෙන් අනතුරුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ හා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ස්වයංක්‍රීය ආකාරයෙන් ඉහළ පෙළ ආසන වෙන් කිරීම සඳහා ලංසු තැබීමේ සේවා සහ ඒ ආශ්‍රිත අනුයාත සේවා  ‌කොන්ත්‍රාත්තුව Plusgrade Inc වෙත වසර 5ක කාලසීමාවකට පිරිනැමීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසිනමා ශාලා වලට ජංගම දුරකථන ගෙන යෑම තහනම් ?
Next Article දඩ මුදල් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය
kumudika

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.