Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dubai Government»ඩුබායි රාජ්‍යයේ කුමාරිකාව දික්කසාද වෙයි
Dubai Government

ඩුබායි රාජ්‍යයේ කුමාරිකාව දික්කසාද වෙයි

kumudikaBy kumudikaJuly 19, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි කුමාරිකාව වන ෂෙයිකා මාහ්රා බින්ට් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්තුම් මහත්මිය දික්කසාදය පිළිබඳ ඇයගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පසුගියදා නිවේදනය කර තිබේ.

ඉස්ලාම් පිළිවෙත් අනුගමනය කරමින් ඇය දික්කසාද පණිවුඩය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ තබා ඇත. “මා ආදරණිය සැමියානෙනි” ලෙස ආරම්භ වෙන එම පණිවුඩය “මම ඔබව දික්කසාද කරනවා, දික්කසාද කරනවා, දික්කසාද කරනවා” ලෙස එය දැක්වේ. ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ෂෙයිකාට අනුගාමිකයන් ලක්ෂ 4 කට වඩා සිටී. ෂෙයිකා මාහ්රා මහත්මිය වර්තමාන ඩුබායි පාලකයාට සිටින දරුවන් 26 දෙනාගෙන් එක් අයෙකි.

ඉස්ලාම් ආගමට අනුව සැමියන් තෙවරක් දික්කසාද කරන බව පැවසීමෙන් සිය බිරිඳව දික්කසාදය ලබා දෙන අතර එය ට්‍රිපල් තලාක් ලෙස හඳුන්වයි. කෙසේ වෙතත් මෙම පණිවුඩය තහවුරු කර ගැනීමට ඩුබායි පාලකයා සහ ෂෙයිකාගේ සැමියා සම්බන්ධ කර ගැනීමට බී.බී.සී පුවත් සේවය උත්සාහ දරා ඇති නමුත් අසාර්ථක වී ඇත.

ෂෙයිකා තැබූ පණිවුඩය සත්‍ය නම් සමාජ මාධ්‍ය ඔස්සේ දික්කසාද වූ ප්‍රථම රාජකීයයා ඇය වනු ඇති බවද පැවැසෙයි. 30 හැවිරිදි ෂෙයිකා මාහ්රා බින්ට් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්තුම් සහ ෂෙයික් මනා බින් මොහොමඩ් බින් රෂීඩ් බින් මනා අල් මක්තුම් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ විවාහ දිවියට එළඹී අතර සිය ප්‍රථම දරුවා මීට මාස දෙකකට පෙර බිහි කළාය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමෙවර ජනාධිපතිවරණ‍යේදී ආබාධිත පුද්ගලයින්ට බ්‍රේල් ක්‍රමයට ඡන්දය දීමේ අවස්ථාව
Next Article ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා තේරීම AI  තාක්ෂණයෙන්
kumudika

Related Posts

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.