Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ පළමු Air Taxi සේවාව අල් අයින් හිදී ඇරඹේ

May 20, 2025

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»රත්මලාන ගුවන් යානා පාලන පද්ධතියේ බිඳ වැටීමක්
Sri Lankan news

රත්මලාන ගුවන් යානා පාලන පද්ධතියේ බිඳ වැටීමක්

kumudikaBy kumudikaAugust 16, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවට ඉහළින් ගමන් ගන්නා ජාත්‍යන්තර ගුවන් යානා සහ මෙරටට පැමිණෙන ගුවන් යානා හසුරුවන රත්මලාන ගුවන් ගමන් පාලක මෙහෙයුම් මධ්‍යස්ථානයේ මෙහෙයුම් පද්ධතිය හදිසියේම පැය දොළහකට ආසන්න කාලයක් බිඳ වැටී ඇතැයි වාර්තා විය.

පෙරේදා (14 වැනිදා) වූ මෙම බිඳ වැටීම යථා තත්ත්වයට පත්කරගෙන ඇත්තේ ඊයේ (15 වැනිදා) අලුයම් කාලයේ වන අතර මෙවැනි බිඳ වැටීමක් ඉතිහාසයේ සිදුවූ පළමු වතාව මෙය බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ ඉහළ නිලධාරියකු පැවැසීය. කෙසේ වෙතත් සියලු ගුවන් ගමන් ආරක්ෂිතව හැසිරවීමට නිලධාරීන් සමත් වී තිබේ.

‘‘අඩි පහළොස් දාහකට උඩින් යන සියලු ගුවන් යානා පාලනය වන්නේ රත්මලාන ගුවන් ගමන් පාලක මෙහෙයුම් මධ්‍යස්ථානයෙන්. අපි V.H.F. 124.9 ෆ්‍රීක්වන්සි (සංඛ්‍යාත) එකෙන් තමයි ගුවන් යානා එක්ක සබඳතා පවත්වන්නේ. හදිසියේම ඒ ෆ්‍රීක්වන්සි එකේ අප්ඩේට් එකක් ගිහින්. ඒ අතරේ ඔක්කොම ස්ටක් වෙලා. මේ නිසා ඉහළ අහසේ යන ගුවන් යානා සමග සබඳතා බිඳ වැටිලා තියෙනවා. ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියර්ස්ලා පද්ධතිය යථා තත්ත්වයට ගන්න සියලුම උත්සාහයන් අරන් තිබුණා. අපිට හදිසියේ එතැන බැකප් එකක් තිබිලා නැති නිසා මුකුත් කරගන්න බැරිම තැන කටුනායක යුනිට් එකෙන් සහය අරගත්තා. රත්මලානේ මෙහෙයුම් මැදිරි නිලධාරීන් කටුනායකට යවලා තමයි සියලු කටයුතු සිදුකළේ’’ යැයි එම නිලධාරියා ප්‍රකාශ කර ඇත.

මෙම බිඳ වැටුණු ගුවන් ගමන් පද්ධතිය යළි යථා තත්ත්වයට ගෙන ඒමට ඊයේ (15 වැනිදා) අලුයම වනවිට ඉන්ජිනේරුවන් සමත් වී ඇත.

 ශ්‍රී ලංකා ගුවන් තලයට අඩි පහළොස් දහසක් ඉහළ අහසේ පටන් ගන්නා සියලු යානා පාලනය කරනු ලබන්නේ රත්මලාන ප්‍රධාන ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානයෙනි.

Colombo Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදිවයිනට පැමිණෙන විදෙස් සංචාරකයින් ඉහලට
Next Article මැතිවරණ සමයේ පොලිතින් භාවිතය තහනම්
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ පළමු Air Taxi සේවාව අල් අයින් හිදී ඇරඹේ

May 20, 2025

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.