එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයකුට ප්රචාරක කටයුතු සදහා රුපියල් එකසිය අසූහය කෝටි දෙලක්ෂ අනූ අටදහස් පන්සියය අසූ හයක මුදලක් වියදම් කල හැකි බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම මුදලින් 60% මුදලක් සෘජුවම ජනාධිපති අපේක්ෂකයාට වියදම් කල හැකි අතර ඉතිරි 40% ජනාධිපති අපේක්ෂකයාගේ දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට වියදම් කල හැකි බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
මැතිවරණ වියදම් නියාමනය කිරීම පිළිබඳව අති විශේෂ ගැසට් පත්රය ඊයේ (19) රාත්රියේ නිකුත් විය.
ඒ 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වන වගන්තියෙ නියමයන් පරිදිය.
ජනාධිපතිවරණ අපේක්ෂකයකු විසින් මැතිවරණ ප්රතිපල නිකුත් වී දින 21ක් ඇතුළත සිය මැතිවරණ වියදම් වාර්තාව මැතිවරණ කොමිෂම වෙත බාරදිය යුතු බව වැඩිදුරටත් සඳහන් වේ.