ප්‍රමිතියෙන් අඩු ඖෂධ කිසිවක් රජයේ රෝහල් තුළ නොමැති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.
ඖෂධ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (30) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ප්‍රමිතියෙන් අඩු ඖෂධ ගෙන්වීම සඳහා රජයෙන් කිසිදු ඉඩක් නොමැති බවත්, කිසිදු බියකින් තොරව රෝගීන්ට රජයේ රෝහල් පද්ධතිය තුළින් ලබාදෙන ඖෂධ ආරක්ෂිතව භාවිත කළ හැකි බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කලේය.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු හදිසි ඖෂධ මිලදී ගැනීමක් සිදු නොකරන බව අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමා කටයුතු කරන තාක් කල් සහ මෙම නිලධාරි මණ්ඩලය කටයුතු කරන තාක් කල් නීතිවිරෝධී හෝ සම්ප්රදාය විරෝධී කිසිම කටයුත්තකට සම්බන්ධ නොවන බව ඒ මහතා පෙන්වා දුනි.
මේ අතර එම විශේෂ මාධ්‍ය සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය, ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.