Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලියාපදිංචිය ප්‍රතික්ෂේප කල වාහන වහාම ලියාපදිංචි කරන්න – අභියාචනාධිකරණයෙන් මෝටර් රථ කොමසාරිස්ට රීට් අණක්
Sri Lankan news

ලියාපදිංචිය ප්‍රතික්ෂේප කල වාහන වහාම ලියාපදිංචි කරන්න – අභියාචනාධිකරණයෙන් මෝටර් රථ කොමසාරිස්ට රීට් අණක්

kumudikaBy kumudikaSeptember 2, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයින් 41 දෙනෙකුට අයත් එකලස් කරන ලද වාහන ඔක්තෝම්බර් මස 31 වනදාට පෙර වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත රිට් ආඥාවක් නිකුත් කර ඇත.

ඊට අමතරව එක් එක් පෙත්සම්කරුට රුපියල් 10,000/- ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසටද නියෝග කර ඇති බව වාර්තා වේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතාය. ආර්.එස්. ජමිල් ඇතුළු 42 දෙදෙනෙකු විසින් 2020 වසරේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එහි වග උත්තරකරුවන් ලෙස එවක මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

එකලස් කරන ලද වාහන ලියාපදිංචි කරන ලෙස මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදී ඇති බවටත්, එවැනි වාහන ලියාපදිංචි කිරීම සඳහා 2016 වසරේ නොවැම්බර් මස 09 වනදා අමාත්‍ය මණ්ඩල තීරණයක් ද ගෙන තිබූ බවටත් පෙත්සම්කරුවන් ප්‍රකාශ කර ඇත.

එවැනි නීතිමය පසුබිමක් තුළ තම වාහන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ගත් තීරණය නීතියට පටහැනි බව පෙත්සම්කරුවන් අදාළ පෙත්සම්වලින් සඳහන් කරති.

සියළු කරුණු සලකා බලා අභියාචනාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා අත්තනෝමතික සහ අනීතික ලෙස අදාළ වාහන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් පෙත්සම්කරුවන්ගේ නීතිමය අපේක්ෂාවන් උල්ලංඝනය වී ඇති බවයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleDP World ‘Cargo Service Far East Ltd ‘ හිමිකම් සම්පූර්ණ කරයි
Next Article ශ්‍රී ලංකාවත් One – Chop ක්‍රමයට රටවල් 38 ක් වීසා ගාස්තු වලින් නිදහස් කරයි
kumudika

Related Posts

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.