මෙරට නිල සංචිත වත්කම් ප්රමාණය 2024 අගෝස්තු මාසය අවසන් වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 6.0 ක් බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඒ සඳහා චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් ද අන්තර්ගත වෙයි.
ශ්රී ලංකා මහ බැංකුව විසින් දළ නිල සංචිත (GOR) ඉහළ නැංවීම සඳහා 2024 වසරේ මේ දක්වා දේශීය වෙළෙඳපොළෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්රමාණයක් මිලදී ගැනීමට පියවර ගෙන තිබේ.