Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

” සෞඛ්‍ය වෙනුවෙන් එකම ලොවක් ” තේමාවෙන් ලෝක සෞඛ්‍ය සමුළුව අද ඇරඹේ

May 20, 2025

ශ්‍රී ලංකාවේ පළමු මී මැසි උද්‍යානය විවෘත කෙරේ

May 20, 2025

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාමයේ කාසියට වසර 52 ක් සපිරේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»බදු ආදායම මදි – රාජ්‍ය ආදායම අවදානමේ ?
Sri Lankan news

බදු ආදායම මදි – රාජ්‍ය ආදායම අවදානමේ ?

kumudikaBy kumudikaOctober 2, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වූ බදු ආදායම නොලැබීම නිසා රාජ්‍ය ආදායම අර්බුදකාරී තත්ත්වයකට පත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වසර තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඉපැයිය යුතු සමස්ත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 4,127 කි.

එම මුදලින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉපැයිය යුතු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,024 කි. ඒ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ මාස 09 ක කාලය තුළදී ඉපැයිය යුතු ඉලක්කගත ආදායම රුපියල් බිලියන 1,518 කි.

නමුත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රජයේ මුදල් අංශවලට ලබාදුන් ලේඛනවල සඳහන් කර ඇත්තේ පළමු මාස නවය සඳහා රුපියල් බිලියන 1,498 ක ආදායමක් ඉපැයීමට හැකි බවය. එහෙත් එම මාස නවයක කාලය තුළ එම දෙපාර්තමේන්තුව උපයා ඇත්තේ රුපියල් බිලියන 1,423ක බදු ආදායමකි. මේ අනුව, රුපියල් බිලියන 75ක ආදායම් හිඟයක් පවතින බව මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.

2023/24 තක්සේරු වර්ෂය සඳහා බදු ගෙවීමේ කාලය පෙරේදා (30 වැනිදා) දිනයෙන් අවසන් විය
අදාළ තක්සේරු වර්ෂයේ උපයා තිබෙන බදු ආදායම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මියගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ ලැබුණු සම්පූර්ණ බදු මුදල කොපමණද යන්න අද (02 වැනිදා) පස්වරු 3.00 ට පමණ ප්‍රකාශ කිරීමට හැකි බවත්, බදු ආදායම සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් නොවූවත්, මහන්සි වී කටයුතු කිරීම මගින් අදාළ බදු ආදායම සපුරා ගැනීමට හැකි බවය. බදු ගෙවන ලෙස තවදුරටත් බදු ගෙවන්නන් දැනුවත් කිරීමට සිදුවන බවද ඇය පැවසුවාය.

මේ වසර අවසානය වනවිටදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 2,024ක ආදායම් ඉලක්කය වෙත යාම අර්බුදකාරී වනු ඇතැයිද මුදල් අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙවැනි තත්ත්වයක් මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මීළඟ වාරිකය ලබා ගැනීමද අවදානම් තත්ත්වයක පවතින බවට තොරතුරු අනාවරණය වේ.

මේ වසර තුළදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13.2ක ආදායම් ඉලක්කයක් උපයන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රජය පොරොන්දු වී ඇතත්, බදු ආදායම අඩුවීම නිසා දළ දේශීය නිෂ්පාදිත අගය සියයට 12ක අගයක් දක්වාවත් යාමට නොහැකිවනු ඇතැයිද මුදල් අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

එවැනි අඩු ඉලක්කයක් මත ඉදිරියේදී බදු වැඩිකිරීමට සිදුවනු ඇතැයිද එම ආරංචිමාර්ග දන්වා සිටියි. මෙවැනි තත්ත්වයක් මත තවදුරටත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට සිදුවනු ඇතැයිද ආර්ථික විශ්ලේෂකයන් පවසති.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව ඉකුත් 2023 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වනවිටදී එම දෙපාර්තමේන්තුව විසින් එකතු කළ යුතුව තිබූ හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 1,066 කි. බදු ගෙවන්නන් ඉදිරිපත් කරන ලද අභියාචනා, අධිකරණයේ විභාග වන නඩු ආදී කාරණා මත මෙලෙස හිඟ බදු ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ නමුත්, එම සම්පූර්ණ හිඟ බදු මුදලින් රුපියල් බිලියන 657ක් 2013 වසරට පෙර හිඟ බදු බව පැවසේ. තවත් බිලියන 209ක් වසර 2013 ත් 2018 ත් අතර කාලයේ හිඟ බදුය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරුපියල දැවැන්ත වර්ධනයක – ඩොලරය පල්ලමට
Next Article ඩුබායි Winter District දෙසැම්බර් මාසයේදී නැවතත්
kumudika

Related Posts

” සෞඛ්‍ය වෙනුවෙන් එකම ලොවක් ” තේමාවෙන් ලෝක සෞඛ්‍ය සමුළුව අද ඇරඹේ

May 20, 2025

ශ්‍රී ලංකාවේ පළමු මී මැසි උද්‍යානය විවෘත කෙරේ

May 20, 2025

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාමයේ කාසියට වසර 52 ක් සපිරේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.