විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සඳහන් කලේ දැනට පවතින මිල සූත්‍රය අනුව එම යෝජනාවලිය සකස් කළ බවය.
මහජන උපයෝගිතා කොමිසම එම යෝජනාවලිය සලකා බලා අනුමැතිය දීමෙන් පසුව විදුලි බිල අඩු කිරිමේ ප්‍රතිශතයන්ට ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
මේ අතර, බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, පුරප්පාඩු වී ඇති මහජන උපයෝගිතා කොමිසම සඳහා නව සාමාජිකයින් නම් කිරීමට ජනාධිපතිවරයා විසින් සිදුකරනු ඇති බවයි.
විදුලි බිල අඩු කිරීම සඳහා විදුලි බල මණ්ඩලය මේ වසරේ යෝජනාවලියක් ඉදිරිපත් කරන තුන් වැනි අවස්ථාව මෙය බව සඳහන් වේ.