Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ලංකාවේ WhatsApp හොර වැඩ ඉහලට
sri Lankan special

ලංකාවේ WhatsApp හොර වැඩ ඉහලට

kumudikaBy kumudikaOctober 29, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන දැන්වීම් (Post) මගින් පුද්ගල දත්ත හා මුල්‍යමය තොරතුරු ලබා ගනිමින් සිදු කරන සයිබර් වංචාවන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය නිරීක්ෂණය කරයි.

ඒ අනුව විවිධ බැංකු ,වාණිජ ආයතන ,අන්තර් ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග ,මුදල් තෑගි ,දිනුම් වාසනා , අධික ලාබදායි භාණ්ඩ online ක්‍රමයට ලබාදීම , රැකිරක්ෂා ලබාදීමට ලියාපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ  WhatsApp පණිවුඩ වලට හසු නොවන ලෙස කියයි. මෙහිදී OTP password තොරතුරු ඉල්ලා එවන පණිවුඩ වළින් ප්‍රවේසම් වන ලෙස ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අනුකාරක ( Fake web ) වෙබ් අඩවි ,සමාජ මාධ්‍ය (Social Media )වේදිකාවන්, SMS, WhatsApp , හරහා එවනු ලබන පණිවුඩ මගින් මෙම සයිබර් ජාවාරම් කරුවන් ඔබ හා සම්බන්ධ වීමට උත්සහ දරනු ඇත.

ඔවුන් විසින් ලබාදෙන links වෙත පිවිසීමෙන් ඊට සම්බන්ධවන පුද්ගලයන්ගේ පරිගණක ,ජංගම දුරකථන වල ඇති දත්ත සොරා ගැනීමෙන් විවිධ අපචාර සදහා මෙන්ම මුදල් වංචා ද සිදුකරනු ලබයි. විශේෂයෙන්ම WhatsApp පණිවුඩ මගින් එවනු ලබන OTP password තොරතුරු ඉලා සිටීම මගින් ඔබගේ whatsApp ගිණුම අපරාධ කරුවන්ගේ ග්‍රහණයට ගනු ඇත. එමගින් ඔබගේ WhatsApp ගිණුම භාවිතා කරමින් විවිධ ආධාර ඉල්ලීම් වැනි කටයුතු සිදු කරනු ඇත.

මෙවැනි අපරාධ මෑත කාලයේ වැඩිවෙමින් පවතින අතර එම අපරාධවලට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණයද වැඩිවෙමින් පවතින බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය පවසයි.

අන්තර්ජාලය හරහා සිදුකෙරෙන ගනුදෙනු හා වෙනත් කාර්යන්හිදී ඔබගේ පුද්ගලික දත්ත ලබාදීමේදී අදාල කාර්ය සදහා එම දත්ත ලබාදීම කොතෙක් දුරට අදාළ වන්නේද යන්න විමසා සිටීම ඔබගේ අයිතියකි.
එසේම අන්තර්ජාල ගනුදෙනුවලදී සමාජ මාධ්‍ය හා විවිධ සන්නිවේදන ජාල හරහා ලැබෙන පණිවුඩවලට ප්‍රතිචාර දැක්වීමට පෙර ඒවායේ නිතානුකුල භාවය හා ව්‍යාජ නොවන බව තහවුරු කරගන්න ලෙසද දැනුම් දෙයි.

සැක සහිත අන්තර්ජාල හා සමාජ මාධ්‍ය පණිවුඩ ලැබුන හොත් ඒවාට පිවිසීමට පෙර අදාළ ආයතන වල නිල වෙබ් අඩවි වලට පිවිසීමෙන් හෝ නිල දුරකථන අංක ඔස්සේ හෝ කරුණු විමසා සහතික කරගත හැකිය.
එසේ සහතික කරගත නොහැකි පණිවුඩ විවෘත කිරීමෙන් වලකින ලෙස හෝ නොසලකා හරින ලෙස ශ්‍රී ලංකා සර්ට් ආයතනය තවදුරටත් මහජනතාව ගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම ඒ ඒ සමාජ මාධ්‍ය හා අන්තර්ජාල සේවාවන් ගේ ඇති ද්විත්ව ස්ථාපනය වැනි ආරක්ෂණ ක්‍රම අනුගමනය කරන ලෙසද ශ්‍රී ලංකා සර්ට් ආයතනය මහා ජනතාවගෙන් ඉල්ලා ඇත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි සහ ඇඩිලේඩ් අතර එමිරේට්ස් දෛනික ගුවන් සේවා නැවතත්
Next Article අබුඩාබි හි BAPS හින්දු කෝවිල 2024 දීවාලි උත්සවය සඳහා සූදානම්
kumudika

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.