ගාසා තීරයට වහාම සටන් විරාමයක් ඉල්ලයි
ඊශ්‍රායලය ජන සංහාරයක් සිදු කරන බවට සවුදි කුමරුගෙන් චෝදනා
ගාසා තීරයේ සහ ලෙබනනයේ සිදුකරන ප්‍රහාර වහාම නතර කරන ලෙස සවුදි අරාබියේ රියාද් නුවර පැවති ලෝක අරාබි හා මුස්ලිම් රටවල රාජ්‍ය නායකයන්ගේ සමුළුවේදී සවුදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මැදපෙරදිග යුද ගැටුම පලස්තීන හා ලෙබනනයේ ජනතාවට එරෙහිව සිදු කරන ජන සංහාරයක් ලෙස හඳුන්වමින් ඊශ්‍රායල ප්‍රහාර හෙළා දකින බව ද සවුදි කුමරු ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඉදිරියේදී මෙවැනි ආක්‍රමණශීලි ක්‍රියා සිදු කිරීමෙන් වළකින ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇති සවුදි කුමරු පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගන්නා ලෙස ලොව පුරා රටවලින් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ.
සවුදි අරාබියේ සත්කාරකත්වයෙන් පැවැති එම සමුළුවට පලස්තීන, තුර්කි නයිජීරියා ජනාධිපතිවරුන් ද, ඉරානයේ උපජනාධිපතිවරයා ද, ලෙබනන්, පාකිස්තාන අගමැතිවරු ඇතුළු අරාබි මුස්ලිම් රටවල රාජ්‍ය නායකයන් විශාල පිරිසක් සහභාගි වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.