Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ අවියානා හෝටල් සමූහයට ජාත්‍යන්තර අවධානය
Sri Lankan news

ශ්‍රී ලංකාවේ අවියානා හෝටල් සමූහයට ජාත්‍යන්තර අවධානය

kumudikaBy kumudikaDecember 3, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 7 හෝටලයේ සාඩම්බර කොටස්කරුවකුවීමට විදේශගත ශ්‍රී ලාංකිකයින් තුළ දැඩි උනන්දුවක් ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 7 හෝටලය වන අවියානා හෝටල් සමූහය පිළිබඳව ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්වෙයි. පසුගිය 02 සහ 03 යන දිනවලදී ඩුබායි ක්‍රවුන් ප්ලාසා හි පැවති ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනයේදී (Sri Lanka Trade Fair – Dubai 2024) අවියානා හෝටල් සමූහය පිළිබඳව ඩුබායි රාජ්‍යයේ මෙන්ම ජාත්‍යන්තරයේත් දැඩි අවධානයට ලක්වීම විශේෂත්වයකි.

ඩුබායි හි පැවති ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය පසුගිය 02 වැනිදා විවෘත කළේ ලෝක ප්‍රකට ව්‍යාපාරික බූ අබ්දුල්ලා, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ උම් අල් කුවේන් ප්‍රාන්තයේ රාජකීය පවුලේ සාමාජික ෂෙයික් ඊසා විධායක අධ්‍යක්ෂ හා පෞද්ගලික උපදේශක යකූබ් අලී, ආචාර්ය මුනීර්, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මහත්වරු ඇතුළු විශේෂ ආරාධිතයින් පිරිසකගේ සහභාගිත්වයෙනි.

ඩුබායි රාජ්‍යයේ සහ තවත් විවිධ රටවල ව්‍යාපාරිකයින් ඇතුළු විශාල පිරිසක් අවියානා වෙළෙඳ ප්‍රදර්ශන කුටි වෙත පැමිණ මෙරට පළමු තරු 7 හෝටලය වන අවියානා හෝටල් සමූහය පිළිබඳව දැඩි උනන්දුවකින් තොරතුරු විමසූහ. ලබන වසරේ අවියානා හෝටල් සමූහය විවෘත කළ පසුව මෙරටට පැමිණීමට අපේක්ෂා කරන බව ද ඔවුන් ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

ඊට අමතරව මැදපෙරදිග රටවල සහ විදේශීය රටවල සිටින ශ්‍රී ලාංකිකයින් ද අවියානා වෙළෙඳ ප්‍රදර්ශනයට පැමිණ අවියානා හි ආයෝජනය කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත. විදේශ රටවල සිටින ඇතැම් ශ්‍රී ලාංකිකයින් අවියානා හි ආයෝජනය කිරීම සඳහා ඩුබායි හිදී ගිවිසුම්ගත වීම ද විශේෂත්වයකි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කරයි
Next Article කායවර්ධන ලෝක තරඟාවලියෙදී ශ්‍රී ලංකා දියණියකට රිදි පදක්කමක්
kumudika

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.