Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමිරේට්ස් ක්‍රීඩා පිටිය සැප්තැම්බර් විවෘත කෙරේ

May 15, 2025

DP World ILT20 4 වන වාරය UAE ජාතික දිනයේදී ආරම්භ වීමට නියමිතයි

May 15, 2025

අල් මක්තුම් ගුවන් තොටුපළේ පුළුල් කිරීම අවසන් වන විට ඩුබායි ගුවන්තොටුපළ වසා දැමීමට සැලසුම්

May 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»2024 වර්ෂයේ විදෙස් රැකියා සඳහා පිටත් වූ පිරිස ලක්ෂ 3 ඉක්මවයි
Sri Lankan news

2024 වර්ෂයේ විදෙස් රැකියා සඳහා පිටත් වූ පිරිස ලක්ෂ 3 ඉක්මවයි

kumudikaBy kumudikaDecember 13, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2024 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, අද දින (13) වන විට එම ප්‍රමාණය 300,162 ක් වේ.

පසුගිය වසර 10 ක කාලයකදී ශ්‍රමිකයින් ලක්ෂ 3ක ප්‍රමාණය ඉක්මවා ගිය දෙවන අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2022 වර්ෂයේදී ශ්‍රමිකයින් 310,948 ක් රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

2024 වර්ෂය තුළදී පිරිමි ශ්‍රමිකයින් 177,804 හා කාන්තාවන් 122,358 ක් රැකියා සඳහා විදේශ ගතවී තිබේ. අදාල කාලය තුළ විදේශ ගතවූ මුළු සංඛ්‍යාවෙන් කාන්තාවන් රැකියා සඳහා විදේශ ගතවීම සියයට 40.7ක් වන අතර පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම මුළු සංඛ්‍යාවෙන් සියයට 60 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම කාලය තුළ ස්වයං මාර්ගයෙන් විදේශ ගතවූ ප්‍රමාණය 184,140 ක් වන අතර, විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් 116,022 දෙනෙකු විදේශ ගතවී තිබේ.

ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 73,995 කි. දෙවනුව වැඩි වශයෙන් විදේශ ගතවී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 49,499 කි.

කාර්යාංශයේ සංඛ්‍යාලේඛන අනුව පෙනි යන වැදගත් කරුණක් වනුයේ පෙර වර්ෂවලට සාපේක්ෂව දකුණු කොරියාව, ඊශ්‍රායලය, රුමේනියාව හා ජපානය වැනි රටවල රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුවීමේ වැඩි නැඹුරුවක් පෙන්නුම් කිරිමයි. ඒ අනුව 2024 වර්ෂය තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ලාංකිකයින් 7,002 දෙනෙකුද, ඊශ්‍රායලයේ රැකියා සඳහා 9,211 දෙනෙකුද, රුමේනියාවේ රැකියා සඳහා 10,274 දෙනෙකු හා ජපානයේ රැකියා සඳහා ලාංකිකයින් 8,251 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

2024 වර්ෂය අවසානය වන විට රැකියා සඳහා විදෙස් ගතවන ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය 311,000 ඉක්මවා යනු ඇතැයි කාර්යාංශය අපේක්ෂා කරයි.

විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයද මෙම කාලසීමාව තුළදී සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව 2024 නොවැම්බර් මාසය දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 5961.6 ක් මෙරටට ලැබී තිබේ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2025 ජනවාරි සිට සාජා Al Daid හි වාහන නැවැත්වීමට ගාස්තු අය කෙරේ
Next Article ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකයි
kumudika

Related Posts

එමිරේට්ස් ක්‍රීඩා පිටිය සැප්තැම්බර් විවෘත කෙරේ

May 15, 2025

DP World ILT20 4 වන වාරය UAE ජාතික දිනයේදී ආරම්භ වීමට නියමිතයි

May 15, 2025

අල් මක්තුම් ගුවන් තොටුපළේ පුළුල් කිරීම අවසන් වන විට ඩුබායි ගුවන්තොටුපළ වසා දැමීමට සැලසුම්

May 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.