Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යය සහ ඇමරිකාව අතර උපායමාර්ගික ගිවිසුම් රැසක්

May 15, 2025

Forbes විශිෂ්ඨයන් 30 දෙනා අතරට Wild Cook Book සමඟ Silver Aisle ශ්‍රී ලංකාවෙන් තේරී පත් වේ

May 15, 2025

එමිරේට්ස් ක්‍රීඩා පිටිය සැප්තැම්බර් විවෘත කෙරේ

May 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජනපති අනුරට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක්
Sri Lankan news

ජනපති අනුරට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක්

kumudikaBy kumudikaDecember 16, 2024Updated:December 16, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉන්දියාවේ සංචාරයක් සඳහා ඊයේ (15) පස්වරුවේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට දී මහත් හරසරින් පිළිගනු ලැබීය.

නවදිල්ලි නුවර, ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ජනාධිපතිවරයා ඊයේ (15) පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළඟා විය.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ඉන්දීය තොරතුරු හා සන්නිවේදන ඇමැති ආචාර්ය එස්. මුරුගන් (Dr S.Murugan), ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha), ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීත් අග්‍රවාල් (Puneet Agrawal), ඉන්දීය ප්‍රොටකොල් ප්‍රධානී අන්ෂුමන් ගෞර් (Anshuman Gaur) මහත්වරු ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයෝ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පිළිගනු ලැබූහ.

ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු (Droupadi Murmu) මහත්මියගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයට එක්විය. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සහභාගි වන ප්‍රථම විදෙස් නිල සංචාරය වන්නේ ද මෙයයි.

ජනාධිපතිවරයා හෙට (17) දක්වා සිදු කරන මෙම සංචාරය අතරතුර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද්වීපාර්ශ්විකව වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා ඉන්දීය උප ජනාධිපති ශ්‍රී ජග්දීප් දන්කාර් (Vice President Of India Shri Jagdeep Dhankhar), ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයශංකර් (Dr. S. Jayashankar – Minister of External Affairs of India), ඉන්දීය සෞඛ්‍ය ඇමැති ජේ.පී. නන්ද (J.P. Nanda – Minister of Health), ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් (Shri Ajith Doval – National Security Advisor of India) ඇතුළු තවත් රාජතාන්ත්‍රිකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීම පිළිබඳ ඉන්දීය මාධ්‍ය මඟින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ අතර නවදිල්ලි අගනුවර ප්‍රධාන වටරවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ මෝදි අගමැතිවරයාගේ ද රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකි විය.

ජනාධිපතිවරයා, ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයශංකර් (Dr. S. Jayashankar), ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් (Shri Ajith Doval) මහත්වරු සමඟ ඊයේ (15) රාත්‍රියේ සාකච්ඡා කිරීමට ද නියමිතව තිබිණ.

දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා දිල්ලිහි පැවැත්වෙන ව්‍යාපාරික හමුවකට ද එක්වෙයි. ඉන්දීය සංචාරයේ නිමාව සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුද්ධගයාවේ සංචාරය කිරීමට ද නියමිතය.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත්, කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහත්වරු ද මෙම සංචාරය සඳහා එක්ව සිටියහ.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2024 හත්තා ශීත උළෙල ඇරඹේ
Next Article ලෝක ප්‍රකට තබ්ලා වාදක සකීර් හුසේන් දිවියට සමු දෙයි
kumudika

Related Posts

එමීර් රාජ්‍යය සහ ඇමරිකාව අතර උපායමාර්ගික ගිවිසුම් රැසක්

May 15, 2025

Forbes විශිෂ්ඨයන් 30 දෙනා අතරට Wild Cook Book සමඟ Silver Aisle ශ්‍රී ලංකාවෙන් තේරී පත් වේ

May 15, 2025

එමිරේට්ස් ක්‍රීඩා පිටිය සැප්තැම්බර් විවෘත කෙරේ

May 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.