Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජනාධිපති මාධ්‍ය අංශයේ ලක්ෂ 1420 ක බඩු අතුරුදන්
Sri Lankan news

ජනාධිපති මාධ්‍ය අංශයේ ලක්ෂ 1420 ක බඩු අතුරුදන්

kumudikaBy kumudikaDecember 21, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනාධිපති මාධ්‍ය අංශයේ භාවිතය වෙනුවෙන් ලබාගත් ලක්ෂ 1420ක කැමරා උපකරණ, ලැප්ටොප් පරිගණක ඇතුළු මාධ්‍ය උපකරණ රැසක් යළි මාධ්‍ය අංශයට ලබා දී නොමැති බව ජාතික විගණන කාර්යාලය විසින් අනාවරණය කර ඇත.

2015 වර්ෂයේ සිට 2020 දක්වා වූ කාලය තුළ එලෙස මිලදී ගෙන ඇති කැමරා උපකරණ, ලැප්ටොප් පරිගණක ඇතුළු එම උපකරණ 3406ක් මෙලෙස අස්ථානගතව තිබේ.

ජනාධිපති කාර්යාලයේ ගබඩා කළමනාකරණ පද්ධතිය හරහා 2014 වසරේ සිට 2020 ජනවාරි දක්වා රුපියල් 162, 273,185.00ක් වටිනා අයිතම නිකුත් කර ඇත.

එහිදී 2014 වසරේ අයිතම 4ක්, 2015 වසරේ 558ක්, 2016 වසරේ 660ක්, 2017 වසරේ 602ක්, 2018 වසරේ 1262ක්, 2019 වසරේ 313ක්, 2020 වසරේ අයිතම 7ක් මෙලෙස නිකුත් කර තිබේ.

2021.02.22 දිනැති විගණන වාර්තාවෙන් දක්වා ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශයට අදාළ බඩු වට්ටෝරු පොත් 3ක් පමණක් විගණනයට ඉදිරිපත් කර ඇති බවත් ඉහත අයිතම එම පොත් තුළ ඇතුළත් කර නොමැති බවය.

මාධ්‍ය අංශයේ භාණ්ඩ සම්බන්ධයෙන් තාක්ෂණික නිලධාරියකු සමඟ කළ භෞතික පරීක්ෂාවේදී රුපියල් ලක්ෂ 219ක (21,888,958) භාණ්ඩ ඒකක 133ක් එම අංශයේ නොමැති බව තහවුරු වී ඇත.

එසේ වුවද ජනාධිපති මාධ්‍ය අංශයේ ඉංජිනේරුවන් විසින් දක්වා ඇත්තේ එහි වටිනාකම රුපියල් ලක්ෂ 350කට ආසන්න බවයි.

විගණනය විසින් තොරතුරු ඉල්ලා ඇති විට 2021 පෙබරවාරි 10 දිනැතිව ඉරිපත් කළ අංක PMD/ENG/VIDEO/21/02/II ලිපියට අනුව 2015 වසරේ සිට 2019 දක්වා මිලදී ගෙන ඇති උපකරණවල තොරතුරු ඇතුළත් කිසිදු වාර්තාවක් නොමැති බව තහවුරු වී තිබේ. එසේම වාර්ෂික භාණ්ඩ සමීක්ෂණවලදී පවා ඒ ගැන සඳහන් නොවේ.

එක් අ‍ෙයකු විසින් ලබාගත් අයිතම 21ක් නැවත ලැබී නොමැති බවද වාර්තා වී ඇති අතර එකක් රුපියල් ලක්ෂ 25ක් පමණ වන කැමරා දෙකක් අතුළු අයිතම 3ක් තවත් අයකුට නිකුත් කර ඇති අතර ඒ්වාද නැවත ලැබී නොමැති බව වාර්තා වේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleFitch Ratings ශ්‍රී ලංකාව ධන CCC මට්ටමට උසස් කරයි
Next Article නීතිවිරෝධී මූල්‍ය යෝජනා ක්‍රම පිළිබඳ මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.