Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»IMF රාමුවේ සිට ආණ්ඩුව විවේචනය කරන්න – රනිල් වික්‍රමසිංහ විපක්ෂයට කියයි
Sri Lankan news

IMF රාමුවේ සිට ආණ්ඩුව විවේචනය කරන්න – රනිල් වික්‍රමසිංහ විපක්ෂයට කියයි

kumudikaBy kumudikaDecember 21, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විපක්ෂය රටේ ආර්ථිකය සම්බන්ධව සෑම විටම විවේචන ඉදිරිපත් කළ යුත්තේ IMF රාමුව මත සිට යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

“2024 වර්ෂයේදී මෙරට ආර්ථික වර්ධනය සියයට දෙකක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කර තිබුණා. මට අවශ්‍ය වුණේ ඒ වර්ධන වේගය තවත් වැඩි කර ගන්නයි.

ඒ නිසා අවුරුද්ද මුල් කාලයේ සිට ධාරිතා භාවිතය වැඩි කරන ලෙස ජනතාව සහ ව්‍යාපාරිකයන් විසින් අප දිරි ගන්වනු ලැබුවා. මේ නිසා අපේ ආර්ථික වර්ධන වේගය අද සියයට පහ දක්වා පැමිණ තිබෙනවා. ඒ සඳහා වැඩ කටයුතු කළ මුදල් අමාත්‍යාංශයේ ද මහ බැංකුවේ ද ජනාධිපති කාර්යාලයේ ද සියලු දෙනාට මා ස්තුතිවන්ත වෙනවා.

රටේ ධාරිතා භාවිතය තවත් වැඩි කරන්නට ක්‍රියා කළ සෙසු සියලු දෙනාටත් අප ස්තූතිවන්ත විය යුතුයි.

රටේ දළ දේශීය නිෂ්පාදනය වැඩිවූ නිසා එයින්ද යම්කිසි කොටසක් අපට බදු ආදායම් ලෙස ලැබී තිබෙනවා. එයත් අපේ ආදායම වැඩි වෙන්නට හේතු වුණා.

මේ සියල්ල අපට කරන්නට හැකි වුණේ IMF සමග තිබූ ගිවිසුම තුළයි. ඒ නිසා එම ගිවිසුම ඉදිරියට ගෙන යමින් ආරක්ෂා කිරීම අවශ්‍යයි. ආණ්ඩුවටවත් විපක්ෂයටවත් එම ගිවිසුමෙන් පිටවීමට හැකියාවක් නැහැ. එලෙස කළොත් නැවත මේ රටේ ආර්ථික ප්‍රශ්න ඇතිවෙනවා.

විශේෂයෙන්ම දෙසැම්බර් 20 වැනිදාට පෙර අප අලුත් ජාත්‍යන්තර බැඳුම් කූපන් නිකුත් කරන්නට යනවා. ඒ කටයුතු සියල්ල දැන් අවසානයි. අපට දැන් තිබෙන්නේ බංකොලොත් භාවයෙන් මිදුණුබවට වන ප්‍රකාශනය නිකුත් කරන්නයි.

ඉන් පසුව බැංකුවලිනුත් ඊට වුවමනා සහන පියවර ගන්නවා. ඒ සමගම ජනතාවට සහන දෙන්නත් වුවමනායි. අප මේ ගැන කලිනුත් කතා කළා. ඒ හැකි සහන කඩිනමින් දිය යුතුයි.

මේ වන විට බදු ගෙවීමේ තලය ලක්ෂයේ සිට එක් ලක්ෂ පනස්දහස දක්වා වැඩිකර තිබෙනවා. අපට කළ හැකි සංඛ්‍යාව එයයි. එය දෙලක්ෂයක සීමාවට ගැනීම සඳහා මමත් අයි.එම්.එෆ් සංවිධානය සමග සාකච්ඡා කළා. ඔවුන් ඒ සඳහා එකඟත්වය පළ කළේ නෑ. අප ඒ අනුව ක්‍රියා කොට ආර්ථික ශක්තිමත් වූ පසු තවත් සහන ලබා දෙන්න කටයුතු කළ යුතුයි.

ආණ්ඩුව මේ වැඩසටහනේ සිටිය යුතුයි. මෙයින් පිටවෙන්න හැකියාවක් නැහැ. හොඳ කාලයේ මෙන්ම අමාරු කාලයේත් අප එතැන සිටිය යුතුයි.

විවේචනය කරන විට නිකරුණේ විවේචනය කිරීමෙන් ඵලක් නැති බව මා විපක්ෂයට කියනවා. විපක්ෂය කරන්නේ විවේචන බව මා පිළිගන්නවා. එය ප්‍රශ්නයක් නොවේ. සාමාන්‍යයෙන් විපක්ෂයක් ආණ්ඩුවකට ප්‍රශංසා කරන්න යන්නේ නැහැ. එහෙත් එම විවේචන ඉදිරිපත් කළ යුත්තේ IMF ගිවිසුමේ රාමුව ඇතුළේ බව මතක් කරන්නට කැමතියි. මා කතා කළේ ඒ සුබ පණිවිඩය දෙන්නයි.”

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඇමති බංගලා සංචාරක කර්මාන්තය වෙනුවෙන් වෙන් කෙරේ
Next Article ඩුබායි හි රාත්‍රී Swimming Beach මිලියන 1.5 ක් නරඹන්නන් ආකර්ෂණය කරයි
kumudika

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.