Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඛනිජ තෙල් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට සැලසුම්
Sri Lankan news

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඛනිජ තෙල් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට සැලසුම්

kumudikaBy kumudikaJanuary 13, 2025No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලංකාව දකුණු ආසියානු කලාපයේ ඛනිජතෙල් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට අවශ්‍ය මූලික කටයුතු විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, කුවේට් සහ කටාර් රටවල තානාපතිවරුන් සමඟ පසුගිය සතියේ දී මේ පිළිබඳ සාකච්ඡා පැවති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

ත්‍රිකුණාමලය ඉන්ධන අංගණය සහ නව ඉන්ධන ගබඩාව සංවර්ධනය කිරීමට ද එම සාකච්ඡාවේ දී අවධානය යොමුවූ බව ජනක රාජකරුණා මහතා පැවසීය.

“ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම සහ ත්‍රිකුණාමලය වරායේ වාසිසහගත තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී ඛනිජතෙල් පිරිපහදු කිරීමට සහ අපනයනය සඳහා නිෂ්පාදනය කරමින් ශ්‍රී ලංකාවට කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත්විය හැකියි.” ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.

ත්‍රිකුණාමලය ඉන්ධන අංගණය නිරීක්ෂණය කිරීම සඳහා ඉහත කී රටවල තානාපතිවරු විදුලිබල සහ බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා සමඟ ඊයේ (12) ත්‍රිකුණාමලයේ සංචාරය කිරීමට නියමිතව තිබූ අතර, එම දූත පිරිස ඉන්ධන ටැංකි තටාකාංගණය ඉදිකිරීමට යෝජිත ස්ථානය සහ නව ඛනිජතෙල් පිරිපහදුව ඉදිකිරීමට යෝජිත ස්ථානය දැක බලා ගැනීමට ද නියමිතව තිබිණි.

මේ සඳහා සාකච්ඡා පැවති සියලු රටවලින් යහපත් ප්‍රතිචාර ලැබුණු බව ජනක රාජකරුණා මහතා කියා සිටියේය. එම සැලසුම සම්බන්ධව තාක්ෂණික මට්ටමේ සාකච්ඡාවක් කඩිනමින් ඇරඹීමට ද තානාපතිවරුන් එකඟතාව පළ කර තිබේ. මේ පිළිබඳ පුළුල් සාකච්ඡාවක් සඳහා එම රටවල කාර්මික අංශයේ දූත පිරිසක් කෙටි කාලයක් ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

කෙරවලපිටිය කේන්ද්‍ර කරමින් කොළඹ දියරමය ස්වාභාවික ගෑස් සැපයුම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටාර් රාජ්‍යයේ තානාපතිවරයා එකඟතාව පළ කර තිබේ. එය නොබෝ දිනකින් කැලණිතිස්ස විදුලිබලාගාරයේ ආරම්භ කිරීමට නියමිත තාප විදුලිබලාගාරය හා සමගාමීව සිදු වනු ඇත. සියලුම තාපබලාගාර අඩු වියදම් සහිත දියරමය ස්වාභාවික ගෑස් බවට පරිවර්තනය කිරීම බලශක්ති අංශය තුළ රජයේ ප්‍රමුඛතාව වන අතර, එය විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධව ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන කරුණක් ද වේ.

රටවල් දෙකක් අතර පවතින දිගුකාලීනව ගිවිසුම්ගතවීම් යටතේ අතරමැදියන්ගෙන් තොරව ඛනිජතෙල් මිල දී ගැනීමට ඇති හැකියාව කෙරෙහි ද තානාපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවේ දී අවධානය යොමුවී තිබේ. පිරිපහදු ව්‍යාපෘතියේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ද එහි දී සාකච්ඡාවට ලක්වී ඇත. සපුගස්කන්ද ප්‍රදේශයේ තවත් පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාව සැලසුම් කරමින් සිටින බවත්, ඒ පිළිබඳ ශාක්‍යතා අධ්‍යයනයක් ද සිදු කර අවසන් බවත් ජනක රාජකරුණා මහතා කීවේය. ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස එහි ඉදිකිරීම් සිදු කිරීමේ හැකියාව ද සාකච්ඡාවට ලක්වී තිබේ.

ත්‍රිකුණාමලයේ ඛනිජතෙල් අංශයේ සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි ඉන්දියාව ද උනන්දුවක් දක්වා ඇති අතර, ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියානු තෙල් සමාගම අතර ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස ත්‍රිකුණාමලයේ ඛනිජතෙල් පර්යන්තයක් ස්ථාපිත කිරීමට කැමැත්ත ප්‍රකාශ කිරීමේ යෝජනාවක් ද කැඳවා තිබේ. එම ව්‍යාපෘතිය මේ වනවිට ඉන්දියාවට බදු දී ඇති ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි 61 පදනම් කරමින් සිදු කිරීමට නියමිත ඒකාබද්ධ මෙහෙයුමේ කොටස්වලින් 51% ක් රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකාව කැමැත්ත පළ කර තිබේ. අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගත් ජාත්‍යන්තර ඉන්ධන ගබඩාවක් ලෙස එම ව්‍යාපෘතිය සිදු වනු ඇත.

Asia Featured Middle East Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ අවම විවාහ වයස සහ අපයෝජන සඳහා දඬුවම් නියම කිරීම නව නීති
Next Article FCID ඒකකය නැවත පිහිටුවීමට කැබිනට් පත්‍රිකාවක්
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.