Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පළාත් සභා වාහන 2000ක් අතුරුදන්
Sri Lankan news

පළාත් සභා වාහන 2000ක් අතුරුදන්

kumudikaBy kumudikaJanuary 15, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ අතුරුදන්ව ඇති වාහන අතර විවිධ සුඛෝපභෝගි පන්නයේ මෝටර් රථ හා ජීප් රථ රැසක්ද වේ.

පළාත් සභාවල විවිධ අමාත්‍යාංශ සහ ආයතන වලට අයත් වාහන මෙසේ වරින් වර අතුරුදන්ව ඇති අතර එම වාහන පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීම මේ දිනවල විමර්ශනයක් කරගෙන යන බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම වාහන සොයා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමා නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.

පළාත් සභාවල බොහෝ වාහන පසුගිය කාල සීමාවේදී වැරදි ආකාරයෙන් පාවිච්චි කර තිබූ බවද ඔහු සඳහන් කළේය.
පළාත් සභාවල ප්‍රධානීන්ට වෙන් කෙරුණු ඇතැම් සුඛෝපභෝගි වාහන දේශපාලඥයන්ට හිතවත් ඇතැම් සුළු නිලධාරීන් පාවිච්චි කර ඇති බවටද තොරතුරු අනාවරණයවී ඇතැයි අමාත්‍යාංශය පවසයි.

මේ අතර මධ්‍යම පළාත් සභාවේ විවිධ වාහන තිස් එකකට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳව විගණනයට තොරතුරු අනාවරණය වී නැතැයි වාර්තාවේ.
දකුණු පළාත් සභාවට අයත් යතුරුපැදිය ඇතුළු වාහන 201 ක භෞතික පැවැත්ම පිළිබඳව තොරතුරු අනාවරණය නොවූ බව විගණන අංශ පවසයි.

මේ සම්බන්ධයෙන් අප රජයේ විගණකාධිපති ඩබ්ලිව් පී සී වික්‍රමරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ පළාත් සභාවල වාහන සම්බන්ධයෙන්ද විශේෂ විගණනයක් මේ දිනවල කරගෙන යන බවයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපසළොස්වක පෝයට සීගිරියේ රාත්‍රි චාරිකා ඇරඹෙයි
Next Article ඇමති බංගලා කුලියට ගන්න පෞද්ගලික ආයතන දහයක් ඉදිරිපත් වෙයි
kumudika

Related Posts

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.