Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»2025 වසරේදී විදෙස් රැකියාගත කිරීම් 12% කින් වැඩි කිරීමට පියවර
Sri Lankan news

2025 වසරේදී විදෙස් රැකියාගත කිරීම් 12% කින් වැඩි කිරීමට පියවර

kumudikaBy kumudikaJanuary 24, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2024 වසරේදී 311,000 ක් වූ විදේශ රැකියා ප්‍රමාණය 2025 වසරේදී සියයට 12 කින් වැඩි කර ලාංකිකයින් 340,000 ක් මෙම වර්ෂය තුළදී රැකියා සඳහා විදේශ ගතකිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඔහු මෙම අදහස් ප්‍රකාශ කලේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනට ඊයේ (23) කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී එක්වෙමිනි.

ඔහු වැඩිදුරටත් සදහන් කලේ නියාමනයන් සිදුකොට නිවැරදිව රැකියා සදහා ජනතාව විදේශ ගත කළ යුතු බවත්, කාර්යාංශයේ නීති රෙගුලාසිවලට යටත්ව නිරතුරුවම කාර්යාංශයේ අභිමානයද රැකගෙන කටයුතු කළ යුතු බවයි. එසේම විදේශ රැකියා බලපත්‍ර ලබාගත් ඇතැම් ඒජන්සි ආයතන වංචනික ක්‍රියාවල යෙදෙන බවට තමන් වෙත තොරතුරු වාර්තා වන අතර එවැනි පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන බවත්, මුදලට නොව මනුෂ්‍යත්වයට මුල්තැන ලබාදෙමින් ව්‍යාපාරයන්හි නිරතවන ලෙසත් එය විදේශ රැකියා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා දැඩි බලපෑමක් කරනු ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නව විදේශ රැකියා වෙළඳපොල අවස්ථාවන් සොයාගැනීමේදී විදේශ රැකියා නියෝජිතායතන ලබාදෙන සහයෝගය ඉතා අගය කළ වික්‍රමසිංහ මහතා ඔවුන්ගේ ගැටළු කඩිනමින් නිරාකරණය කරගැනීම සඳහා කාර්යාංශය උපරිම සහයෝගය ලබාදෙන බවද සඳහන් කළේය.

මෙහිදී කාර්යාංශයේ කටයුතු පිළිබඳ, කාර්යාංශය මගින් ලබාදෙන්නා වූ අනුමැතින්, ලබාදෙන පුහුණු හා කාර්යාංශ පනත ආදී කරුණු රැසක් පිළිබඳව ද රැකියා ලාභීන් දැනුවත් කරන ලදි. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සුදුසුකම් ලැබූ නව රැකියා නියෝජිතයින් 30දෙනෙකු වැඩසටහනට සහභාගී විය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleFitch Ratings විසින් ශ්‍රී ලංකාවේ බැංකු 10 ක ශ්‍රේණිගත කිරීම් ඉහළ දමයි
Next Article චීන අලුත් අවුරුද්ද යුනෙස්කෝ උරුමයක් කරයි
kumudika

Related Posts

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.