Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අදානි ව්‍යාපෘතිය ජනාධිපති විසින් අත්හිටුවයි
Sri Lankan news

අදානි ව්‍යාපෘතිය ජනාධිපති විසින් අත්හිටුවයි

kumudikaBy kumudikaJanuary 25, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය අවලංගු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඒ, දේශීය ලංසුකරුවන් ශත 4.88 ක් වැනි අඩු මිලකට මිල ගණන් ඉදිරිපත් කර තිබූ අවස්ථාවක, කිලෝවොට් පැයකට ඇමරිකානු ශත 8.26 ක් වැනි මිල ප්‍රමාණයකට මෙම ව්‍යාපෘතිය ලබා දීමට ගෙන තිබූ තීරණය ඇතුළුව තවත් හේතු ගණනාවක් මත ඒ සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් පැන නැඟී තිබූ පසුබිමකයි.

මෙම ව්‍යාපෘතිය මඟින් මතුවිය හැකි අයහපත් පාරිසරික බලපෑම් මත මෙන්ම මන්නාරම සංක්‍රමණික පක්ෂීන් සඳහා වැදගත් වාසස්ථානයක් වීම යන හේතු මත වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය, සීමාසහිත පාරිසරික පදනම ඇතුළු බොහෝ පාරිසරික සංවිධාන ඊට විරෝධය පළ කර තිබුණි.

මන්නාරම රදගුරුතුමා විසින් නියෝජනය කරන එම ප්‍රදේශයේ ජනතාවද මෙම ව්‍යාපෘතිය මඟින් දේශීය කර්මාන්ත හා ජීවනෝපායන්ට සිදුවන හානිය සලකා ඊට දැඩි ලෙස විරෝධය පළ කළේය.

සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර අදානි සමාගම විසින් මෙරටට හඳුන්වා දීමට යෝජිතව තිබූ මෙම සුළං බලාගාර ව්‍යාපෘතිය අවලංගු කිරීමටත් ශ්‍රී ලංකාවේ සුළං බලය සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ටෙන්ඩර් කැඳවීමටත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක පොරොන්දු වී තිබුණි.

ඒ අනුව, ‘මන්නාරම සහ පූනරින් හි මෙගාවොට් 484 ක සුළං බලාගාර සංවර්ධනය කිරීම සඳහා අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් හි යෝජනාව’ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද 2024-05-06 දිනැති CP අංක 24/0850/621/047 දරන කැබිනට් තීරණය අවලංගු කිරීමට දෙසැම්බර් 30 වන දින රැස්වූ කැබිනට් මණ්ඩල‍ය තීන්දු කර තිබේ.

මෙම ව්‍යාපෘතියට එරෙහිව පසුගියවසර පුරාම සටන් කළ පරිසර විද්‍යාඥ රොහාන් පෙතියාගොඩ මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ පාරිසරික යහපැවැත්ම මෙන්ම මූල්‍ය විනිවිධභාවය ගැන සැලකිල්ලක් දක්වන සෑම අයෙක්ම මෙම කුමන්ත්‍රණය පරාජය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක දුන් පොරොන්දුව ඉටු කිරීම සම්බන්ධයෙන් සතුටු වන බවය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රය දකුණු ආසියාවේ ශක්තිමත්ම බලපත්‍ර අතර 4 වැනි තැනට
Next Article ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණේ
kumudika

Related Posts

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.