2025 පෙබරවාරි 04 වනදාට යෙදෙන ශ්‍රී ලංකාවේ 77 වන නිදහස් දිනය නිමිත්තෙන් එළඹෙන පෙබරවාරි 8 වන සෙනසුරාදා Springdales Dubai School, Al Quos හිදී උත්කර්ෂවත් උළෙලක් පැවැත්වීමට නියමිතය.
මෙම උළෙල සංවිධානය කරනු ලබන්නේ ඩුබායි කොන්සල් ජනරල් කාර්යාලයට අනුබද්ධ සංස්කෘතික අධ්‍යාපන කේන්ද්‍රය විසිනි. සවස 4.30 ට මෙම උත්සවය ආරම්භ වන බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රෞඩත්වය විදහා දක්වමින් ඉදිරිපත් කරන විශේෂ සංස්කෘතික සංදර්ශනයක් ද මීට ඇතුලත්ය. ඒ සඳහා එමීර් රාජ්‍යයේ ස්ථාපිත සියලුම ලාංකේය කලායතන වල දරු දැරියන් සහභාගී වීමට නියමිත අතර මෙම සැමරුම් උළෙලට ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් රැසක් එක් වේ යැයි අපේක්ෂා කෙරේ.