Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»විදේශ සේවයට දේශපාලන පත් කිරීම් – විදේශ සේවා අමාත්‍යාංශය කණගාටු වෙයි
Uncategorized

විදේශ සේවයට දේශපාලන පත් කිරීම් – විදේශ සේවා අමාත්‍යාංශය කණගාටු වෙයි

kumudikaBy kumudikaFebruary 8, 2025No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල වලට දේශපාලන පත්කිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කනස්සල්ල පල කරයි. මේ බව සඳහන් කරමින් ඔවුන් විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

මාධ්‍ය නිවේදනය

විදේශගත ශ්‍රී ලංකා දූත මණ්ඩල වලට කරන දේශපාලන පත්කිරීම් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කනස්සල්ල පළ කරයි.
වෘත්තීමය භාවයේ, කුසලතා මත පදනම්ව පත්කිරීමේ සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවීණතාවේ පිළිගත් සම්මතයන් නොසලකා හරිමින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානි (මහකොමසාරිස් හා තානාපති ) ධුර රැසකට ශ්‍රී ලංකා විදේශ සේවයෙන් බැහැරව මෑතකදී පත්කිරීම සිදුකොට ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය දැඩි කනස්සල්ලෙන් යුතුව නිරීක්ෂණය කරයි.

ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාව නියෝජන කිරීම සඳහා සිය වෘත්තීය ජීවිතය කැප කළ, අත්දැකීම් බහුල, ඉහළ සුදුසුකම්වලින් යුත් වෘත්තිමය විදේශ සේවා නිලධාරීන් නොසලකා හැර කරන ලද මෙම පත්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කිරීම ප්‍රකාශ කර සිටියි. ශ්‍රී ලංකා විදේශ සේවය යනු රටේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටත්, රටේ ජාතික අභිලාෂයන් ආරක්ෂ කිරීමටත් විශේෂයෙන් පුහුණුව ලැබූ විශේෂිත සේවාවකි.

දේශපාලන පත්වීම් වෙනුවෙන් එවන් වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නොසලකා හැරීම ආයතනික අවංක භාවය දුර්වල කරන අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරත්වය අනතුරේ හෙළයි.

• ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස ප්‍රත්‍යක්ෂ වාර්තා සහිත වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයන් පත්කිරීම. වෘත්තීය විශිෂ්ටත්වය, සදාචාරාත්මක හැසිරීමේ ඉහළම ප්‍රතින් සහ කුසලතා පදනම මත සුදුසුකම් ලත් නිලධාරීන් විදේශ සේවය සඳහා පත්කිරීම “

• “විදේශ සේවය නිර්දේශපාලනීකරණය කිරීම සඳහාත් කුසලතාව මත පදනම්ව පකිරීම් සිකිරීම සඳහාත් වහා ක්‍රියා මාර්ග ගත යුතුය “

යනුවෙන් සඳහන් වන 2024 රජයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙකී දේශපාලන පකිරීම් වලින් සෘජුවම උල්ලංඝනය වන බැවින් එම පත්කිරීම සිදුකිරීම සඳහා ගෙන ඇති පියවර විශේෂයෙන්ම තැති ගන්වනසුලුය.

මෙකී ප්‍රතිඥා දී තිබියදී වුව, දිගින් දිගටම දේශපාලන පකිරීම් කිරීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ ඒකාග්‍රතාව අනතුරේ හෙළන අතර, දැඩි පුහුණුවක් ලැබුවා වුත්, විස්තෘත ජාත්‍යන්තර අත්දැකීම් වලින් පරිපූර්ණවුත් වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අධෛර්‌යයට පත් කරයි.

දිගින් දිගටම පත් වූ රජයන් දේශපාලන වරදාන වශයෙන් මහකොමසාරිස් හා තානාපති ධුර මෙන්ම අනෙකුත් රාජ්‍ය තාන්ත්‍රික තනතුරු පිරිනැමීමේ දීර්ඝ සහ අතිශය කනගාටුදායක සම්ප්‍රදායක් රටේ පවතියි. දේශපාලන හිතවත්කම්වලට නොව ශ්‍රී ලංකාවේ හිතසුව හා උන්නතිය පිණිස සේවය කරන වඩාත් ශක්තිමත්, වඩාත් ස්වාධීන විදේශ සේවයකට ඉඩ හසර සලසමින් එම කනගාටුදායක සම්ප්‍රදාය අවසන් වනු ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය අපේක්ෂා කොට තිබිණි. එකී කනගාටුදායක ප්‍රවණතාව අඛණ්ඩවම ක්‍රියාත්මක වීම, ශ්‍රී ලංකා විදේශ සේවයේ පමණක් නොව මුළු රටේම දැඩි කනස්සල්ලට හේතු වේ.

ඉහත කී පත්වීම් පිළිබඳව යළි සලකා බලන ලෙසත්, කුසලතාව මත පදනම් වූ තෝරා ගැනීම් කරන ලෙසත්, වෘතීමය, ස්වාධීන හා ඵලදායී විදේශ සේවයක් උදෙසා වූ ස්වකීය කැපවීම ඉහළට ඔසවා තබන ලෙසත්, ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය රජයෙන් උදක්ම ඉල්ලා සිටියි.

මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය අතිගරු ජනාධිපතිතුමාගෙන් සහ ගරු විදේශ කටයුතු, විදේශ ක්‍රියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඉල්ලීම් කොට තිබේ. කෙසේ වුවද, විවිධ අවස්ථාවන්හිදි පසු විපරම කොට තිබියදී වුව එවැනි අවස්ථාවක් මේ වන තෙක් ලබා දී නොමැත. ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය එම රැස්වීම් ලබා ගැනීම සඳහා දිගින් දිගටම ප්‍රයත්න දරයි.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleයුපුන් ට ෆින්ලන්තයේදී ජාත්‍යන්තර ජයක්
Next Article Wynn Al Marjan නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් වේගවත් කෙරේ.
kumudika

Related Posts

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම අහෝසි කිරීමෙ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට

June 6, 2025

ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රමාණ පත්‍ර මහජන ප්‍රදර්ශනයට

June 5, 2025

ඩුබායි සෆාරි උද්‍යානය නැරඹුම් වාරය අවසන් කර වසා දැමේ

June 2, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.