Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 6
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඩුබායි සිට ගෙන ආ අපරාධකරුවන් පිළිබඳ විමර්ශන – තවත් අපරාධකරුවන් 65 දෙනෙකුට රතු නිවේදන
Sri Lankan news

ඩුබායි සිට ගෙන ආ අපරාධකරුවන් පිළිබඳ විමර්ශන – තවත් අපරාධකරුවන් 65 දෙනෙකුට රතු නිවේදන

kumudikaBy kumudikaFebruary 8, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි සිට දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සහ බෙලිඅත්ත, අකුරැස්ස පොලිස්ථාන වෙත භාරදී තිබේ.

පොලීසිය සඳහන් කළේ, වෙඩි තැබීමේ සිද්ධීන් 4 ක් සහ පුද්ගලයෙකුට පහරදී නිවසකට අලාභහානි කිරීමේ සිද්ධියකට සැකකරුවෙකු වූ කදන්ගම දෙණියේ ගෙදර ප්‍රදීප් සදරුවන් නොහොත් කොලොන්නාවේ චන්දන වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර දුන් බවයි.

රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා නැමැත්තා අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙකු වෙඩි තබා ඝාතනයට අදාළ සැකකරුවෙක් වන අතර ඔහු වැඩිදුර විමර්ශන සඳහා බෙලිඅත්ත පොලීසියට භාරදී ඇත.

නාඩ කන්දගේ උපාලි නොහොත් රොටුඹ උපාලි නැමැත්තා ද ඊයේ ඩුබායි සිට මෙරටට රැගෙන එනු ලැබීය.

ඔහුට එරෙහිව අපරාධ චෝදනා රැසක් පවතින අතර, ඔහු මාවරල ප්‍රදේශයේදි සිදු කළ ඝාතනයකට හා අකුරැස්ස ප්‍රදේශයේ සිදු කළ ඝාතනයක සැකකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි. එසේම ඌරුබොක්ක ප්‍රදේශයේදී දැරියක අපහරණය කිරීමේ සිද්ධියකටද එම පුද්ගලයා සැකකරුවෙකි.

මේ අතර මෙසේ රතු නිවේදන නිකුත් කර ඇති තවත් අපරාධකරුවන් 65 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට පොලීසිය තවදුරටත් ක්‍රියාකරමින් සිටින බවද වාර්තා වේ.

Dubai Featured Sri Lanka UAE World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2025 ජාත්‍යන්තර District Cooling සමුළුවට ඩුබායි වෙතින් සත්කාරකත්වය
Next Article පෙබරවාරියේ සංචාරක පැමිණීමෙන් යළිත් වාර්තාවක් තබයි
kumudika

Related Posts

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.