Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාව ජාත්‍යන්තර  සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක් බවට පත් කෙරේ
Sri Lankan news

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර  සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක් බවට පත් කෙරේ

kumudikaBy kumudikaFebruary 10, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා සම්මන්ත්‍රණ තානාපති වැඩසටහන (SLCAP) ආරම්භ කරමින් අද දින ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට මෙරට පත්කිරීමෙහිලා සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළේ ය. සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB) සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය යන ආයතන එකට එක්ව, ව්‍යාපාර ඉසව් සඳහා ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමෙහිලා වැඩසටහනක් දියත් කළ පළමු අවස්ථාව මෙය වේ.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ජාත්‍යන්තර කොංග්‍රස් සහ සම්මේලන සංගමයේ (ICCA) ප්‍රධාන විධායක නිලධාරි සෙන්තිල් ගෝපිනාත් මහත්වරුන්ගේ සහභාගිත්වය ඇතිව මෙම වැඩසටහන ඇරඹීය.

මෙරට සංවිධාන ප්‍රධානින් සහ වෘත්තිකයන් ගෝලීය වේදිකාව මත ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරුන් ලෙස ක්‍රියාකරවීමෙහිලා සම්බන්ධ කර ගැනීම සහ බලගැන්වීම ශ්‍රී ලංකා සම්මන්ත්‍රණ තානාපති වැඩසටහනේ අරමුණ වේ. දැනටමත් තානාපතිවරුන් 25 දෙනෙක් බඳවාගෙන ඇති SLCAP එම තානාපතිවරුන් නියෝජනය කරන ක්ෂේත්‍රයන්හි ජාත්‍යන්තර සම්මේලන ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමෙහිලා සහාය වේ. මෙරට රැස්වීම්, දිරිගැන්වීම්, සම්මේලන සහ ප්‍රදර්ශන (MICE) අංශය නව මාවතකට යොමු කරමින් තිරසාරත්වය සහ දැනුම් හුවමාරුව ප්‍රවර්ධනය හරහා ආර්ථික වර්ධනය ඇති කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

SLCAP දියත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්හි ප්‍රධාන විධායක නිලධාරි මිකෙල් ස්වෙන්සන් මහතා සඳහන් කළේ. පරිපූර්ණ සහ ප්‍රවීණත්වයෙන් යුත් සංචාරක අත්දැකීම් පිරිනමන සංචාරක ක්ෂේත්‍රයේ විශේෂඥයකු ලෙස සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ එක්ව මෙම පරිවර්තනීය මුලපිරීම ඉදිරිපත් කිරීමට ලැබීම ගැන ආඩම්බර වන බවයි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ දැවැන්ත රාමදාන් අලෙවිය ඇරඹේ – 70% දක්වා වට්ටම්
Next Article Intrepid Travel – 2025 සඳහා සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
kumudika

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.