එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2025 – ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා , එම සංචාරය නිමා කර අද (13) උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
ජනාධිපතිවරයා සමග එම රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට එරටට ගොස් සිටි ශ්‍රී ලංකා දූත පිරිස ද , ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ . ඔවුන් අද උදෑසන 08.25 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඉකුත් 02/10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි .