Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජලය මදි නිසා විදුලිය නිපද වීම තාප බලාගාරවලින් –  පාරිභෝගිකයන්ට වැඩි මුදලක් ගෙවන්න වෙයි
Sri Lankan news

ජලය මදි නිසා විදුලිය නිපද වීම තාප බලාගාරවලින් –  පාරිභෝගිකයන්ට වැඩි මුදලක් ගෙවන්න වෙයි

kumudikaBy kumudikaFebruary 16, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මැයි මාසයේ මැද භාගය වන තුරු ඉන්ධන ඇතුළු තාප විදුලි බලාගාරවලින් විදුලිය ජනනනය කිරීම වැඩි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ. ජල විදුලි නිෂ්පාදනය ඒ අනුව අවම කරන අතර වගා කටයුතු සඳහා ජලය වැඩි වශයෙන් අවශ්‍ය වීම ඊට හේතු වී තිබේ.

තවද ඉන්ධන ඇතුළු තාප විදුලි බලාගාරවලින් විදුලිය ලබා ගැනීමේදී වැය වන මුදල් පාරිභෝගිකයාට ගෙවීමට සිදුවනු ඇතැයි ද මණ්ඩලය අනතුරු අඟවයි.

පෙබරවාරි, මාර්තු යන මාසවල දී වර්ෂාපතනය අඩු බවත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ අවසරය ඇතිව මේ දිනවල ජල විදුලි නිෂ්පාදනය ඉහළ දමා තිබෙන බවත් නමුත් එය දිගටම සිදු කිරීමට නොහැකි බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේය. ස්වාභාවික වායු බලාගාර මෙරට ස්ථාපිත කිරීම වසර 10 කින් ප්‍රමාද බවත් තවමත් ස්වාභාවික වායු බලාගාර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ තත්ත්වයක් මෙරට තුළ නොමැති බවත්, ස්වාභාවික වායු බලාගාර ස්ථාපිත කිරීම මගින් තෙල් බලාගාරවල වියදම සියයට 50 කින් අඩුකරගත හැකි බවත් ඔහු කීවේය.

පෞද්ගලික අංශය සතුව මෙරට තුළ කුඩා ජල විදුලි බලාගාර 212 ක් තිබෙන බවත් වහලය මත සවි කරන ලද සූර්ය පැනල මගින් විදුලිය නිපදවන පිරිස 90,000 ක් පමණ වන බවත් ඔහු පැවැසීය. රටේ විදුලිය නිපදවීම ඉහළ නැංවීමේ දී ද්‍රව ඉන්ධන බලාගාරවල අවශ්‍යතාවය පවතින බවද ඔහු කියා සිටියේය.

නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයට යම් දෙයක් සිදු වුවොත් විදුලි කප්පාදුවක් ඉදිරියේදීත් සිදුවිය හැකි බවත්, මේ නිසා ඉදිරි වසර දෙක තුන තුළ අනිවාර්යයෙන්ම බලාගාර අවශ්‍ය බව බලශක්ති අමාත්‍යාංශ කියයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඇමරිකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් වීමෙන් ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහලට
Next Article නවදිල්ලිය අද සෙලවෙයි
kumudika

Related Posts

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.