අද (17) අලුයම ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියට සහ ඒ අවට ප්‍රදේශවල භූ කම්පනයක් ඇතිව තිබේ.
ඉන්දීය භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපක 4.0ක් ලෙස සටහන් වූ බවය.
අලුයම 5:36ට පමණ සිදු වූ මෙම භූ කම්පනය උතුරු ඉන්දියාව පුරා දැනුණු බවත් එරට භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.
නිලධාරීන් තහවුරු කළේ මෙම භූ කම්පනයෙන් කිසිදු පුද්ගල හානියක් පිළිබඳ වාර්තා වී නොමැති බවය.