Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මෙවර අයවැය IMF පෙන්වන මඟ යෑම සාර්ථකයි – මහ බැංකු අධිපති කියයි
Sri Lankan news

මෙවර අයවැය IMF පෙන්වන මඟ යෑම සාර්ථකයි – මහ බැංකු අධිපති කියයි

kumudikaBy kumudikaFebruary 18, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරකරණ වැඩසටහනේ පරාමිතීන් අනුව කටයුතු කිරීම රජයේ වගකීමක් බවත් ඒ අනුව මෙවර අයවැය රටට හොඳ අයවැයක් බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

අයවැය සම්බන්ධයෙන් කොලඹදී අදහස් පල කරමින් ඔහු මෙසේ පැවසුවේය.

“ඉලක්ක දෙස බැලුවාම මේ වතාවේ ඒ පිළිබඳ වැඩි විශ්වාසනීයත්වයක් තැබිය හැකියි. රුපියල් ට්‍රිලියන 5ක ආදායම් ඉලක්කයක් සහ 2.3%ක ප්‍රාථමික අතිරික්තයක් අපේක්ෂා කළත්, මගේ අපේක්ෂාවන් අනුව එය ප්‍රමාණය ඉක්මවා ගිය ක්‍රියාකාරීත්වයක්.

ඒ වගේම රජයේ සුරැකුම්පත් සඳහා වූ කෙටිකාලීනව පැන නගින පීඩනයන් අවශෝෂනය කරගැනීම සඳහා ආරක්ෂණ යෙදීමද වැදගත්. එමගින් අපේ මූල්‍ය ප්‍රතිපත්තිය අනුව ස්ථාවර පොලී අනුපාත පවත්වාගෙන යාමට හැකියාවක් ලැබේවි.

ඇතැමුන් කියන විදියට IMF අයවැයක් ගැන කතා කළොත්, වසර ගණනක් තිස්සේ IMF සමග සාකච්ඡාවලට සහභාගී වූ අයෙකු විදියට මට කියන්න පුළුවන් මේ වතාවේ රටක් විදියට සමස්ත ආර්ථික ස්ථාවරත්වයක් උදෙසා නිවැරදි මාර්ගයේ ගමන් කිරීම සඳහා බාහිර පාර්ශ්වකරුවන්ට ලබාදී ඇති ප්‍රතිඥාවන් වෙනස් වී නොමැති බව. පරිපාලනයේ වෙනසක් සිදුවුවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල දිශානතිය වෙනස් නොවීම සතුටට කරුණක්.

මගේ අදහස හැටියට එය අනිවාර්යයෙන් සිදුවිය යුත්තක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරකරණ වැඩසටහනේ පරාමිතීන් අනුව කටයුතු කිරීම රජයේ වගකීමක් වගේම එය සුබවාදී ලකුණක් හැටියටයි මම දකින්නේ. මම දකින විදියට මේක IMF අයවැයක් නොව , රටට හොඳ අයවැයක්”

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි සමුද්‍ර යාත්‍රා හිමියන් සඳහා ගෝල්ඩන් වීසා හඳුන්වා දෙයි
Next Article ඉන්ධන සඳහා වන බදු අඩු කිරීමට පියවර
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.