Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අප්‍රේල් පළමුදා සිට පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරන බව ඇමති කියයි
Sri Lankan news

අප්‍රේල් පළමුදා සිට පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරන බව ඇමති කියයි

kumudikaBy kumudikaFebruary 19, 2025No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අවම වැටුප් පනත සංශෝධනය කරමින් මෙම වසරේ අප්‍රේල් පළමු වැනිදා සිට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් 27,000 දක්වා වැඩි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.

අප්‍රේල් 01 වැනිදා සිට පෞද්ගලික අංශයේ සියලු සේවකයන්ගේ මූලික වැටුප 27,000 දක්වා වැඩි කිරීමට අදාළ වන පරිදි අවම වැටුප් පනත සංශෝධනය කිරීමට කටයුතු කරන අතර ලබන ජනවාරි මාසයේ සිට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් තුන්දහසකින් වැඩි වන බවත් හෙතෙම පැවසීය. ඒ අනුව ලබන ජනවාරි මාසය වන විට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 30,000 දක්වා වැඩි වන බව ද හෙතෙම පැවසීය.

රාජ්‍ය සේවකයන්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ට ද එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ කළ වැඩිම වැටුප් වැඩි කිරීම 2025 මෙවර අය-වැයෙන් කර ඇති බව ද ඇමැතිවරයා පැවසීය.

රාජ්‍ය සේවකයන්ගේ ඉහළ දැමූ වැටුප් සමඟ වසරකට වැටුප් සඳහා රජයට රුපියල් බිලියන 325ක් වැය වන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව සඳහන් කළේ 2025 වසර සඳහා වන අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදයට එක් වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

අපේ රටේ ශ්‍රම බළකායෙන් වැඩි පිරිස පෞද්ගලික අංශය නියෝජනය කරනවා. පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 21,000ක් වෙනවා. පනත අනුව 17,500යි. පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති මැදිහත් වෙලා අපි වැඩි කරගත් 3500ක් තිබෙනවා. ඒකත් එක්ක තමයි 17,500 හැදෙන්නෙ. 21,000 අවම වැටුප පෞද්ගලික අංශයේ සියයට හැටකට වැඩි පිරිසට ලැබෙන්නේ මෙය තමයි. ඒ නිසා තමයි පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති, හාම්පුතුන් සමඟ සාකච්ඡා කරලා මේ තීරණය ගත්තේ. අපේ රටේ පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් ඉතිහාසයේ එතෙක් මෙතෙක් වැඩි වූ වැඩිම මූලික වැටුප මෙවර අය-වැයෙන් යෝජනා කර තිබෙනවා. රුපියල් 21,000 සිට 30,000 දක්වා පෞද්ගලික අංශයේ මූලික වැටුප ලෙස මෙවර අය-වැයෙන් යෝජනා කර තිබෙනවා. අපි හාම්පුතුන් සමඟ ඒ සම්මේලන සමඟ සාකච්ඡා කරලයි මෙය සකස් කළේ. ඒ වගේම ඒ ගාණට පෞද්ගලික අංශයේ මූලික වැටුප ගෙන ආ යුතුයි. මොකද රාජ්‍ය සේවයේ මූලික වැටුප 40,000 දක්වා ගෙනැවිත් තිබෙනවා. වතු සේවකයන්ගේ වැටුප වැඩි වී තිබෙනවා. ඒ අයගේ 33,000ක් වෙනවා. වැඩිපුර නෙළන තේ දලුවලට ගෙවනවා. ඒක මේ අප්‍රේල් 01 වැනිදා සිට පෞද්ගලික අංශයේ සියලු සේවකයන්ගේ මූලික වැටුප 27,000 දක්වා වැඩි කිරීමට අවම වැටුප් පනත සංශෝධනය කරනවා.

බංකොලොත් වෙච්ච රටක් ඒ බංකොලොත්භාවයෙන් ගොඩ අරගෙන ඉදිරිපත් කරන පළමු අය-වැය. ඒ තුළින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම් මෙපමණ ප්‍රමාණයක් ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. 2025ට රුපියල් බිලියන 102ක් යනවා, 2026ට බිලියන 128ක් යනවා, 2027ට බිලියන 95ක් යනවා. ඒ අනුව බිලියන 325ක් මේ වැටුප් වැඩි කිරීමට අපිට ගෙවන්න වෙනවා.

අපි ඉතාම වගකීමෙන් කියනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ ශක්තිය, වැඩ කරන ජනතාවගේ හයියත් එක්ක එකතු කරපු ආණ්ඩුවක්. පෞද්ගලික අංශයේ, රාජ්‍ය අංශයේ, වතු වගේම ධීවර ජනතාව ඇතුළු සියලු දෙනා එක්ක රටක් දිහා බලලා හදපු අය-වැයක්. සමහරුන්ට මේක දැනිලා තියෙනවා අපි උතුරට සැලකුවා, මෙහෙට සැලකුවා කියලා කියනවා. එහෙම නෑ. මුළු රටටම සලකලා තියෙන්නේ. රටේ වැඩ කරන ජනතාවට ඉතිහාසයේ කවදාටත් වඩා වැඩි වැටුප් වැඩි වීමක් දීලා තියෙනවා. ඒක රාජ්‍ය සේවයේ ඉන්න පහලම කාර්යාල කාර්ය සහායකයාගේ සිට අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා රු.100,000ට ආසන්න මුදලක් අමාත්‍යාංශ ලේකම්වරයාට වැඩි වෙද්දි රු.15,000 වැඩි වෙනවා කාර්යාල කාර්ය සහායකයාට.”

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉන්ධන සඳහා වන බදු අඩු කිරීමට පියවර
Next Article රජයේ රෝහල් වල පොරොත්තු ලේඛනවල සිටින රෝගීන් අවම කරන්න පියවරක්
kumudika

Related Posts

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.