Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අද දිවයිනේ උණුසුම සිරුරට දැනෙන ලෙස ඉහලට
Sri Lankan news

අද දිවයිනේ උණුසුම සිරුරට දැනෙන ලෙස ඉහලට

kumudikaBy kumudikaFebruary 19, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (19) දිනයේත් “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බවට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු , උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත් සහ රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල එලෙස උණුසුම ඉහළ යා හැකි බවය.

මේ අතර පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් විජලනය වැනි රෝගී තත්ත්වයන් ඇතිවිය හැකි බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

මේ අතර පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් ලැබෙන උපදෙස් මත පාසල් ආශ්‍රිත ක්‍රියාකාරම් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේය.

මේ දිනවල පැවැත්වෙන නිවාසාන්තර ක්‍රීඩා උත්සව සහ දරුවන් එළිමහන් ක්‍රියාකාරකම්වල යොමු  වීම පිළිබඳව ලැබෙන සෞඛ්‍ය උපදෙස් මත පදනම්ව කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර දිවයිනේ වායු තත්ව දර්ශකයේ අහිතකර තත්වයේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසයි.

ඊයේ දිනයේ දී ද මෙම තත්වයේ වර්ධනයක් දක්නට ලැබුණු බව එම සංවිධානයේ පරිසර අධ්‍යාපන දැනුවත්කිරීමේ  අධ්‍යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පැවසීය. මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරජයේ රෝහල් වල පොරොත්තු ලේඛනවල සිටින රෝගීන් අවම කරන්න පියවරක්
Next Article වැටුප් සම්බන්ධව සෞඛ්‍ය සේවය වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙයි
kumudika

Related Posts

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.