Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජනපතිගේ නියමයෙන් අප්‍රේල් මාසයේදී විශේෂ  දළදා ප්‍රදර්ශනයක්
Sri Lankan news

ජනපතිගේ නියමයෙන් අප්‍රේල් මාසයේදී විශේෂ  දළදා ප්‍රදර්ශනයක්

kumudikaBy kumudikaFebruary 24, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනපති අනුර කුමාර දිසානායක මහතා කළ ඉල්ලීමකට අනුව මෙම වසරේ අප්‍රේල් මාසයේ දී දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම සහ දියවඩන නිලමේවරයා එකඟතාව පළ කර තිබේ.

ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව ජනපතිවරයා ඊයේ (23) පෙරවරුවේ මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ද අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ද බැහැ දැක මෙම ඉල්ලීම කරනු ලැබීය.

මේ අනුව දළදා ප්‍රදර්ශනයක් මෙවර පැවැත්වෙන්නේ වසර 16කට පසුය. අවසන් වරට 2009 වසරේ දී දළදා ප්‍රදර්ශනයක් පැවැත්වුණු අතර එහි දී ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දළදා සමිඳුන් සියැසින් දැක බලා ගැනීමට මහනුවර පැමිණියහ.

මෙම වසරේ අප්‍රේල් මස 18 වැනිදා සිට 28 වැනිදා දක්වා දින දහයක කාලයක් දළදා ප්‍රදර්ශනය පැවැත්වීම සඳහා මේ වනවිට අවධානය යොමුව තිබේ.

මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ අවවාද අනුශාසනා මත දියවඩන නිලමේතුමන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන්, දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් දළදා ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතු සිදු කෙරෙනු ඇත.

ජනපතිවරයා මල්වතු මහානායක හිමියන් බැහැදුටු අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික හිමිවරුන් වන දොරණෑගම රතනපාල, තිබ්බටුවාවේ මේධංකර, මහවෙල රතනපාල යන හිමිවරු සහභාගි වූහ.

අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදුටු අවස්ථාවට එම පාර්ශ්වයේ අනුනායක හිමිවරු වන වේඬරුවේ උපාලි, ආණමඩුවේ ධම්මදස්සී, අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද, දළදා තේවාව භාර උරුලෑවත්තේ ධම්මරක්ඛිත, කාරක සංඝ සභික හිමිවරුන් වන ගොඩගම මංගල, මුරුද්දෙණියේ ධම්මරතන යන හිමිවරු ද සහභාගි වූහ.

මෙම අවස්ථාවට ඇමැති සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය ඇමැතිවරුන් වන හංසක විජේමුණි, ප්‍රසන්න ගුණසේන යන මහත්වරු ද සහභාගි වූහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමොහොමඩ් බින් රෂීඩ් මහතා Father’s Endowment  රාමසාන් ව්‍යාපාරය දියත් කරයි
Next Article Covid වෛරසයට සමාන වෛරසයක් චීනයෙන් සොයා ගැනේ
kumudika

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.