Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ විශාලතම ධීවර යාත්‍රාව ඉදි වෙයි
Sri Lankan news

ශ්‍රී ලංකාවේ විශාලතම ධීවර යාත්‍රාව ඉදි වෙයි

adminBy adminMarch 4, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

Danusha Marine සමාගම විසින් මෙරට නිෂ්පාදිත විශාලතම ධීවර යාත්‍රාව එළිදැක්වීම ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(03) දික්ඕවිට ධීවර වරායේදී පැවැත්විණී.

අඩි 80 ක දැවැන්ත ප්‍රමාණයේ මෙම ධීවර යාත්‍රාව, සෝමාලියාවෙන් ලැබුණු ඇණවුමකට අනුව, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා නවීන තාක්ෂණයට අනුකූලව නිපදවා තිබීම විශේෂත්වයකි. Danusha Marine සමාගම, දකුණු කොරියාව, කෙන්යාව, ස්වීඩනය, නෝර්වේ ඇතුළු විදෙස් රටවල් රැසකටම ධීවර යාත්‍රා නිෂ්පාදනය කර අපනයනය කරනු ලබයි.

එහිදී අදහස් පළ කළ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රකාශ කළේ, පසුගිය මාස 3ක කාලය තුළ ධීවර අමාත්‍යාංශයේ ක්‍රියාකාරිත්වය ඉතා සැලකිල්ලෙන් අධීක්ෂණය කළ බවත්, අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන බොහෝ ආයතන පසුගිය කාලයේදී විශාල පසුබෑමකට ලක්ව තිබූ බවත්ය.දක්ෂ හා පළපුරුදු කාර්ය මණ්ඩලයක් සිටියදීත්, දේශපාලන බලපෑම් නිසා ඔවුන්ගේ කාර්යක්ෂමතාවය නිසි ලෙස භාවිතා කිරීමට නොහැකි වූ බවත් පැවැසු අමාත්‍යවරයා මේ පිළිබඳව තමා ඉතා කණගාටුවන බවද ප්‍රකාශ කළේය. එසේ නමුත්, වර්තමානයේ යහපත් නායකත්වයක් ලැබී ඇති බැවින්, අමාත්‍යාංශයේ සියලුම කාර්ය මණ්ඩල නිදහස්ව හා දේශපාලන බලපෑමකින් තොරව කාර්යක්ෂමව සේවය කිරීමට සූදානම් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Danusha Marine සමාගමේ සභාපති සුමිත්‍ර ප්‍රනාන්දු මහතා වැනි දක්ෂ ව්‍යවසායකයින් බිහිවීම රටට අවශ්‍ය බවත් වැඩිදුරටත් පැවසීය. ඉදිරියේදී මෙවැනි ධීවර යාත්‍රා පමණක් නොව, විශාල නැව් පවා මෙරටදීම නිෂ්පාදනය කිරීමට හැකි විය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එම අවස්ථාවට එක්වූ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව විශිෂ්ට මානව සම්පතකින් පිරිපුන් රටක් වන අතරම, භූ දේශපාලනික පිහිටීම අතින් ද ලංකාව ලෝකයේම සුවිශේෂී රටක් බවයි. මෙවැනි ධීවර බෝට්ටු නිෂ්පාදනය මගින් ශ්‍රී ලංකාවට ධීවර බෝට්ටු නිෂ්පාදනයේ හැකියාව ඇති බවට ලෝකයටම පසක් කරවන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, මෙරට තුළ නිෂ්පාදනය කෙරෙන ධීවර බෝට්ටු, මීළඟ පියවර වශයෙන් දේශීය ධීවර කර්මාන්තයේ නියැලෙන්නන් වෙත ලබා දිය යුතු බව ද අවධාරණය කළේය. තවද, මෙතැනින් නොනැවතී දේශීය යාත්‍රා නිෂ්පාදනය දක්වා ඉදිරියට යා යුතු බවටත්, තාක්ෂණය තවදුරටත් දියුණු කළ යුතු බවටත් හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේය.

මෙම දැවැන්ත ධීවර යාත්‍රාව එළිදැක්වීමේ උත්සවය සඳහා Danusha Marine සමාගමේ සභාපති සුමිත්‍ර ප්‍රනාන්දු ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශ ලේකම්, සම්පත් මන්ත්‍රීනායක , ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වූහ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleත්‍රිකුණාමලය තෙල් ටැංකි 24 ක් සංවර්ධනයට කැබිනට් අනුමැතිය
Next Article Flying Taxi සේවාව ලඟදීම අබුඩාබියට
admin
  • Website

Related Posts

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.