Flying taxi සේවාව ළඟදීම අබුඩාබියේදී ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
Flying taxi සේවාව අබුඩාබි හි ගමනාගමනයේ විප්ලවීය වෙනසක් කිරීමට සූදානම් වන අතර පරීක්ෂණ ගුවන් ගමන් ඉක්මනින් සැලසුම් කරන බව සඳහන්ය. ඉදිරි මාසවලදී පරීක්ෂණ ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, ගුවන් යානා නිපදවන ප්‍රමුඛතම ඇමරිකානු නිෂ්පාදකයෙකු වන Archer, එහි නව්‍ය Midnight ගුවන් යානා හඳුන්වා දීම සඳහා Abu Dhabi Aviation සමඟ හවුල් වී තිබේ.
2025 වසර අවසානයට පෙර මගීන් අහසට ගෙන යාම, දිගු ගමනාගමන කාලය විනාඩි කිහිපයක් දක්වා විශාල ලෙස අඩු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ඩුබායි සහ අබුඩාබි අතර ගමනක් සඳහා ඩිරාම් 800 ත් ඩිරාම් 1,500 ත් අතර මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇති අතර ඩුබායි තුළ කෙටි සංචාර සඳහා ඩිරාම් 350 කින් පමණ සේවාව ආරම්භ වන බව සඳහන්. තාක්‍ෂණය වඩාත් පුළුල් වන විට, පිරිවැය අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.