Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

නව පාප් වහන්සේ තෝරා පත් කරයි

May 8, 2025

Mushrif National Park නව මවුන්ටන් පාපැදි ධාවන පථයක් සහ මධ්‍යස්ථානයක් එළිදක්වයි

May 8, 2025

මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ වලට මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්

May 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත තරඟයෙන් පළමු ජය ලබයි
Sports

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත තරඟයෙන් පළමු ජය ලබයි

adminBy adminMarch 15, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සංචාරක ශ්‍රී ලංකා හා නවසීලන්ත කාන්තා පන්දුවාර 20 තරගාවලියේ ඊයෙ(14) පැවති පළමු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

සත්කාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම කඩුළු 07කින් පරාජයට පත් කරමින් මෙම ජය හිමි කරගත්හ. රාත්‍රී තරගයක් ලෙස ක්‍රයිස්චර්ච්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ක්‍රීඩිකාවන්ට පන්දුවාර 18.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 101ක් පමණි.

එහිදී, Emma McLeod ලකුණු 44ක්ද, නායිකා Suzie Bates ලකුණු 21ක්ද, Jess Kerr ලකුණු 10ක්ද රැස් කළ අතර, අනෙකුත් කිසිඳු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාවට හෝ පැමිණීමට හැකි වුණේ නැත.

පන්දු යැවීමේදී මල්කි මදාරා කඩුළු 03ක්ද, ඉනෝෂි ප්‍රියදර්ශනී සහ කවීශා දිල්හාරි කඩුළු 02 බැගින්ද, සුගන්ධිකා කුමාරි මෙන්ම චමරි අතපත්තු එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

අනතුරුව ලකුණු 102ක ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 01 අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 102ක් ලබා ගැනීමට සමත් වුණි.

එහිදී, නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 64ක්ද, විශ්මි ගුණරත්න ලකුණු 07ක්ද, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 02ක්ද, කවීශා දිල්හාරි ලකුණු 12ක් සහ නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 12ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස් කළාය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleZayed ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගෝලීය වශයෙන් පැමිණීමේදි හොඳම ගුවන් තොටුපළ ලෙස නම් කරයි
Next Article විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජනපති මැදුරේදී
admin
  • Website

Related Posts

නව පාප් වහන්සේ තෝරා පත් කරයි

May 8, 2025

Mushrif National Park නව මවුන්ටන් පාපැදි ධාවන පථයක් සහ මධ්‍යස්ථානයක් එළිදක්වයි

May 8, 2025

මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ වලට මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්

May 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.