බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම හමුවේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 6කින් පරාජය වීම හේතුවෙන් ජාත්‍යන්තර ප්රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට එක්වීමේ අවස්ථාව අහිමි කර ගැනීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමට සිදු විය.
රායිපූර්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිල ලකුණු 179ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 173ක් පමණි.
අසේල ගුණරත්න පන්දු 42කින් ලකුණු 66ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට උත්සාහ කළත් එය අසාර්ථක විය. උපුල් තරංග පන්දු 22කින් ලකුණු 30ක්, ඉසුරු උදාන පන්දු 10කින් ලකුණු 21ක් රැස් කළහ. පන්දු යැවීමේදී ටීනෝ බෙස්ට් කඩුලු 4ක් සහ ඩ්වේන් ස්මිත් කඩුලු 2ක් දවා ගත්හ.
දිනේෂ් රාම්දින් පන්දු 22කින් වේගවත් ලකුණු 50ක් සහ නායක බ්‍රයන් ලාරා ලකුණු 41ක් කොදෙව් ඉනිමට එක් කළෝය. තරගාවලියේ අවසන් මහ තරගය ඊයේ රාත්‍රියේ රායිපූර්හිදීම පැවැත්වීමට නියමිතය.