Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»6 වැනි BIMSTEC සමුළුවට අගමැති හරිනි සහභාගී වෙයි
Sri Lankan news

6 වැනි BIMSTEC සමුළුවට අගමැති හරිනි සහභාගී වෙයි

adminBy adminApril 4, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන බහු- තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල බොක්ක ප්‍රවේශයේ (BIMSTEC) 6 වැනි සමුළුව සඳහා සහභාගීවන නායකයින් වෙනුවෙන් වූ භෝජන සංග්‍රහයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (03) රාත්‍රියේ සහභාගී වූවාය.

BIMSTEC 6 වැනි සමුළුව අද(04) තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන අතර ඊට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ පස්වරු. 5.55ට තායිලන්තයේ බැංකොක් හි පිහිටි ස්වර්ණ භූමි ගුවන් තොටුපළෙන් තායිලන්තයට පැමිණ ඇත.

වසර තුනකට පසු පැවැත්වෙන මෙවර බිම්ස්ටෙක් සමුළුවේ තේමාව වන්නෙ “සෞභාග්‍යවත්, ඔරොත්තු දීම සහ විවෘතභාවය” යන්නයි.
සාමාජික රටවල් හත වන බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර හවුල් ආරක්ෂක සහ සංවර්ධන අභියෝගවලට මුහුණ දීම සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීම බිම්ස්ටෙක් සමුළුවේ අරමුණයි.

සමුළුවට සමගාමීව තායි-ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකාවට ආයෝජන අවස්ථා ආකර්ෂණය කර ගැනීම අරමුණු කරගත් “ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න” ප්‍රවර්ධන වැඩසටහන්වලටද අග්‍රාමාත්‍යවරිය සහභාගී විය.

අනතුරුව අග්‍රාමාත්‍යවරිය බැංකොක් නුවර පිහිටි ඓතිහාසික වට් ෆෝ විහාරස්ථානයට පැමිණි අතර විහාරාධිපති අති පූජ්‍ය ප්‍රා ධම්ම වජිර පඤ්ඤාචාර්ය හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා ය.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleගරු Hamdan bin Mohammed මහතා ‘MyDubai Communities’ ඩිජිටල් වේදිකාව දියත් කරයි
Next Article එමීර් රාජ්‍යයේ විදේශ ගමන් බලපත්‍රය මැද පෙරදිග බලවත්ම හා ගෝලීය වශයෙන් 10 වැනි ස්ථානයට
admin
  • Website

Related Posts

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.