Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»දළදා ප්‍රදර්ශනයට සියල්ල සූදානම්
Sri Lankan news

දළදා ප්‍රදර්ශනයට සියල්ල සූදානම්

adminBy adminApril 5, 2025Updated:April 5, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට මෙම මස 18 වන දින සිට දින දහයක කාලයක් තිස්සේ පැවැත්වෙන දළදා දැක්ම සඳහා මේ වන විට සියලු කටයුතු සම්පාදනය වෙමින් පවතී.

ලක්ෂ 20ක පමණ සැදැහැවතුන් පිරිසක් මහනුවරට එතැයි අපේක්ෂා කරන අතර දළඳා වන්දනාව වෙනුවෙන් රැදී සිටින මාර්ග සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කොට ඇත.

එහිදී ජනමාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමක් ශ්‍රී දළඳා මාලිගාවේ රන් ආයුධ මණ්ඩපයේදී පැවැත්විණි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතා සහ ශ්‍රී දළඳා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යාංශයේ අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත හිස්සැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විණි.

ශ්‍රී දළඳා මාලිගාවේ මාධ්‍ය කාර්යංශය සහ ජාතික රූපවාහිනිය දළඳා දැක්මේ සමාරම්භක අවස්ථාව සජීවී විකාශයක් සිදු කරන අතර පළමු දිනයේදී ජනාධිපතිවරයා සහ විදේශීය දූත පිරිස් දළඳා වන්දනාවට එක්වීමට නියමිතය.

දින 10ක් පුරා පැවැත්වෙන දළදා දැක්ම වෙනුවෙන් මහනුවරට පැමිණෙන සැදැහැවතුන් සඳහා රාත්‍රී කාලයේදී මහනුවර රජ වීදියේ දන්සැල් සංවිධාන කොට තිබේ. රාත්‍රී කාලයේදී ආරම්භ කරන එම දන්සැල් පසුදින අලුයම 02.00 වන තුරු ක්‍රියාත්මක වන අතර එහි සිට ආහාර අනුභව කිරීම සැලසුම් කොට තිබේ.

දළදා වීදිය, රතු බෝක්කුව සිට වැව රවුම් මාර්ගය සහ මහයියාව දෙස සිට මාර්ග තුනක් ඔස්සේ පැමිණෙන සැදැහැවතුන් පේලි තුනක් ඔස්සේ දළදා මාලිගාව කරා ප්‍රවේශ කර ගැනීමේ කටයුතු සිදුවේ.

දළදා වහන්සේ වැඩසිටුවා ඇති ස්ථානය අසලින් පේළි තුනක් ඔස්සේ කැඳවා ගෙන තත්ත්පයරකට තිදෙනෙකුට දළදා වැදීමට හැකි වන පරිදි සංවිධාන කටයුතු සලසා තිබේ. දළද දැක්මේ පූර්ණ සංවිධාන කටයුතු වෙනුවෙන් පැවැති මෙම හමුවෙන් අනතුරුව දළඳා දැක්මේ ප්‍රවේශ මාර්ග නිරීක්ෂණය කිරීම ද මෙම පිරිසගේ සහභාගීත්වයෙන් සිදුවිය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ පළමු මානුෂීය ආධාර තොගය මියන්මාරය බලා පිටත් වෙයි
Next Article හිටපු ජනාධිපතිවරුන්ගේ සාකච්ඡාවක් ලබන සඳුදා
admin
  • Website

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.