Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මේ වසරේ පළමු කාර්තුවේ බිලියන 61 ක දැවැන්ත සුරාබදු ආදායමක්
Sri Lankan news

මේ වසරේ පළමු කාර්තුවේ බිලියන 61 ක දැවැන්ත සුරාබදු ආදායමක්

adminBy adminApril 8, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මත්පැන් මත අයකරන සුරාබදු ආදායම මේ වසරේ පළමු කාර්තුවේදීම සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ. ඒ අනුව 2025 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 61 ක දැවැන්ත සුරාබදු ආදායමක් වාර්තා කිරීමට හැකි වූ බව සුරාබදු කොමසාරිස් ජනරාල් උදයකුමාර පෙරේරා මහතා සඳහන් කරයි.

සුරාබදු දෙපාර්තමේන්තුව 2025 වසර සඳහා රුපියල් බිලියන 242 ක ආදායම් ඉලක්කයක් ලබාගැනීමේ අරමුණින් දීපව්‍යාප්තව නව සැලැස්මක් සකස් කරන ලදී. ඒ අනුව වසරේ පළමු කාර්තුව සඳහා ඉලක්කය රුපියල් බිලියන 42ක් වූ අතර එම අගය අභිබවා යමින් රුපියල් බිලියන 61 ක ආදායමක් ලබා ගැනීමට හැකිවී තිබේ.

මේ වසරේ සුරාබදු ආදායම් ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් වෙත අවධානය යොමු කළ බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසයි. නීති විරෝධී මත්පැන් සඳහා වන වැටලීම් වැඩි කිරීම එහි ප්‍රධාන කාර්යයකි.

මෙරට නීති විරෝධී මත්පැන් ජාවාරම් ක්‍රියාත්මක වීම කලක් තිස්සේ පැවැති ගැටලුවක් වූ බැවින් ඊට නිසි පිළියම් යෙදීම මෙවර වැඩසටහනේදී වඩාත් අවධානයට ලක් වූ කරුණක් විය. මීට අමතරව බදු නොගෙවා වෙළෙඳපොළට මත්පැන් පැමිණීම ද වැළැක්වීම සඳහා දැනට පවතින ආරක්ෂණ ක්‍රියාවලි තවදුරටත් දැඩි කිරීමට අවධානය යොමුකර තිබේ. නිෂ්පාදන දිනය සහ හඳුනාගැනීමේ සංකේත හඳුන්වාදීම ක්‍රියාත්මක කර ඇත්තේ ඒ යටතේය.

කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ බදු සංශෝධනය වී නොතිබූ බැවින් එලෙස එකතු නොවූ බදු නැවත සලකා බැලීමත් ඒ හරහා අමතර බදු ආදායමක් ළඟාකර ගැනීමද මෙවර සාර්ථක ප්‍රතිඵල ලබා දී ඇති පියවරකි. සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා පවසන්නේ මෙම කටයුතු වෙනුවෙන් නිලධාරීන් දිරිමත් කිරීම සහ නව දැනුම මෙන්ම තාක්ෂණික පහසුකම් ද ලබා දීමේ වැදගත්කම හඳුනාගත් බවයි. ඒ අනුව මෙවර සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්ෂික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහාද වැඩි අවධානයක් යොමුකර සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිබේ.

එමෙන්ම මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම අඩාළ කිරීමට සංවිධානාත්මක කණ්ඩායම් විවිධාකාරයෙන් කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙයි. නමුත් එම බාධා කිරීම් සඳහා දේශපාලන අධිකාරියෙන් කිසිදු සහායක් හිමි නොවන බැවින් මෙම වැඩපිළිවෙළ තුළ වසරේ ඉලක්ක සපුරා ගතහැකි බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා දැඩි විශ්වාසය පළ කරයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි හි ගමන් කාලය විනාඩි 16කට අඩු කිරීම සඳහා නව මංතීරු අටක් සහිත පාලමක්
Next Article ඇමරිකානු බදු ගැන IMF සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කරයි
admin
  • Website

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.