ශ්‍රී ලංකාවේ දරු පරපුරට යලිත් යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ඊයේ(19) තලවකැලේ ප්‍රදේශයේ පැවති ජනරැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
මේ පොළොවට කෙදිනක හෝ පොහොර වන අපි රටට ආවේ කොහෙන්ද කියා සිතීම ඉතිහාසයට අයත් කරුණක් පමණක් බවත් ඉදිරියේ දී සියලු දෙනාගේ අයිතීන් සමව සලකන රටක් ගොඩනඟන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ.
”මෙතැනින් පසු මේ වගේ ආණ්ඩු හැර වෙන ආණ්ඩු ආපහු හැදෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ආණ්ඩු හදන්න ඕන නම් අපි කරන දේවල් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. අපි ආණ්ඩුව ගොඩනැගුවේ උතුරු නැගෙනහිර, කඳුරට, දකුණ සියලු ජනතාවගේ සහභාගීත්වයෙන්. අප අදහස් ප්‍රකාශ කරන අයිතියට ගරු කරනවා. නමුත් කිසි දිනක යළි ජාතිවාදයට ඉඩක් දෙන්නේ නැහැ. තිබෙන නීති මදි නම් ජාතිවාදය පරදන්න අපි අලුත් නීති හදනවා” යැයි ජනාධිපතිවරයා කියා සිටියේය.