Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පොදු ප්‍රවාහන සේවයට ඔන්ලයින් ටිකට් හඳුන්වා දීමේ සැලැස්මක්
Sri Lankan news

පොදු ප්‍රවාහන සේවයට ඔන්ලයින් ටිකට් හඳුන්වා දීමේ සැලැස්මක්

kumudikaBy kumudikaApril 28, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විධිමත් පොදු ප්‍රවාහනයකට මගීන්ගේ සුව පහසුව සහ ආරක්ෂාව වෙනුවෙන් තීරණ රැසක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පියවර ගෙන ඇත. ජාතික ගමනා ගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ පළාත් 09 යට අදාළ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන්වල සභාපතිවරු සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මේ පිළිබඳ තීරණයකට එලැඹ තිබේ.

මෙම තීරණ ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික වැඩකටයුතු කඩිනමින් සකසන ලෙස දැනුම් දුන් අමාත්‍යවරයා මේ තීරණ ක්‍රියාත්මක කිරීමට අදාල ප්‍රගතිය නිතර සොයා බලන ලෙසද නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව එහිදී අදාළ නිළධාරීන් සමග සාකච්ඡාවෙන් අනතුරුව එළඹි විශේෂ තීරණ මෙසේය.

* පුත්තලම මාර්ගයේ ඒකාබද්ධ කාල සටහන ඉක්මනින් ක්‍රියාත්මක කිරීම.

* සියලු බස් රථ තනි සංගමයක් යටතේ ධාවනය කර ලාභය බෙදාදීම යටතේ 138 බස් මාර්ගයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීම.

* බස් රථ සඳහා GPS හා CCTV සවි කිරීම විධිමත් කිරීම.

* විධිමත් ලෙස Online ticket booking සඳහා ක්‍රමවේදයක් (Digital අමාත්‍යාංශය සමග එක්ව) සැකසීම.

* බස් රථ වල රියදුරන්ගේ Random drug and Alcohol test සිදු කිරීම.

* Ticket machine මගින් නිකුත් කරන ටිකට් පත් අනිවාර්ය කිරීම(යම් කාලයක් ලබා දී)

* මගී ප්‍රවාහන බස් රථ සඳහා Specification සෑදීම.

* බස් රථ රියදුරන්ගේ ආසන පටි අනිවාර්ය කිරීම.

* නව බස් රථ සඳහා මාර්ග හදුනා ගැනීම.

* සියලුම බස් රථ වල වැරදි දැනුම් දීමට whatsapp අංක ලබා දීම(NTC, SLTB සහ පලාත් 9 සඳහා) හා ඒවා බස් රථ වල ප්‍රදර්ශනය කිරීම.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලෝකවාසී බැතිමතුන් ලක්ෂ 4 ක් පාප්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා වතිකානයට
Next Article මුතු රාජා නැවත එවීම තායිලන්ත රජු ප්‍රතික්ෂේප කරයි
kumudika

Related Posts

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.