Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»ZCC SIXERS 2025 ක්‍රිකට් සැණකෙළිය උත්කර්ෂවත්ව නිමා වෙයි
UAE Sri Lankan

ZCC SIXERS 2025 ක්‍රිකට් සැණකෙළිය උත්කර්ෂවත්ව නිමා වෙයි

kumudikaBy kumudikaApril 30, 2025Updated:May 1, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් එමීර් රාජ්‍යයේ වෙසෙන කොළඹ සහිරා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය (OBA) විසින් සංවිධානය කරන ලද ZCC SIXERS 2025 ක්‍රිකට් සය සාමාජික තරඟාවලිය සාජාහි Skyline University College ක්‍රීඩාංගණයේදී පැවැත් විණි.

IPL ක්‍රිකට් තරඟාවලියට සමාන ආකර්ෂණීය, ඉහළ ක්‍රිකට් තරඟාවලියක් ලෙස මෙම ක්‍රිකට් තරඟාවලිය ක්‍රීඩා කණ්ඩායම් දහයක් සමඟ දේශීය ක්‍රිකට් උණුසුමක් නිර්මාණය කරන ලදී.  මෙම උත්සවය ක්‍රිකට් ලෝලීන්ට සහ ආදි සහීරියන්වරුන් සඳහා විශාල අවස්ථාවක් විය. කොළඹ සහිරා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් 250කට අධික පිරිසක් සිය පවුලේ අය සහ මිතුරන් සමඟ එක්ව මෙම සය සාමාජික තරගාවලියට එක් වූහ.

Kolonnawa Knight Riders (KKR), Dematagoda Capitals (DC), Grandpass Titans (GT), Maradana Islanders (MI), Rajagiriya Royals (RR), Royal Challengers Bambalapitiya (RCB), Sunrisers Hunupitiya (SRH), Panadura Kings (PK), Lakehouse Super Giants (LSG), සහ Colpetty Super Kings (CSK),
කණ්ඩායම් මීට ඇතුලත් විය.

පළමු පන්දු යැවීමේ සිටම තරගය තියුණු විය. කණ්ඩායම් අදියර සහ පිළිමළුන් පිටුදැකීමේ තරගවලදී තියුණු සටනකින් පසුව, කුසලාන අවසන් මහා තරගය Royal Challengers Bambalapitiya (RCB) සහ Maradana Islanders (MI) කණ්ඩායම් දෙක අතර සිදු විය.

විශිෂ්ඨ පිතිකරණය සහ පන්දු රැකීමේ දස්කම් විදහා දක්වමින් RCB කණ්ඩායම කුසලානය හිමි ශූරයන් බවට පත් වූහ. පලිහ අවසන් මහා තරගයේදී දෙමටගොඩ කැපිටල්ස් (DC) කණ්ඩායම, Grandpass Titans (GT) කණ්ඩායම පරදවා, හොඳින් සටන් කළ තරගයකදී, Bowl Champions කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමට සමත් විය. මේ අතර, පලඟ ශූරතා අවසන් මහා තරගයේදී කොල්ලුපිටිය සුපර් කිංග්ස් (CSK) කණ්ඩායම කොලොන්නාව නයිට් රයිඩර්ස් (KKR) පරදවා පලඟ ශූරතාව දිනා ගැනීමට සමත් විණි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට පිරිනැමෙන අස්මි අන්වර් කුසලානය හඳුන්වාදීම මෙම තරගාවලියේ විශේෂ අංගයක් විය.
දිවා කාලය පුරා පැවති උද්යෝගිමත් ඉසව්වට ආහාර කුටි, සංගීතය සහ ළමා ක්‍රියාකාරකම් ඇතුළු විනෝද අවස්ථා රැසක් ඇතුලත් විය.

Siraj Finance PJSC ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස තරඟාවලියට සහයෝගය දැක් වූ අතර තම්බපන්නි රෙස්ටුරන්ට් නිල ආහාර සැපයුම් සහකරු ලෙස එක් විණි. CPM Fitouts, AGT සහ Nanotek Printing පිළිවෙළින් නිල වෙළඳ සහ මුද්‍රණ හවුල්කරුවන් ලෙස උත්සවයට සහාය වූහ.

Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි ගුවන්තොටුපළ “Unlimited Smart Travel” නමින් විදෙස් ගමන් බලපත්‍ර පාලන පද්ධතියක් එළිදක්වයි
Next Article මැයි මාසයේදී එමීර් රාජ්‍යයේ පෙට්‍රල් මිල සුළු වශයෙන් ඉහළට –  ඩීසල් මිල පහලට
kumudika

Related Posts

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.