ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ගෝලීය වශයෙන් දියුණු කිරීමේ අරමුණ පෙරදැරිව
ඩුබායි සහ උතුරු එමිරේට්ස් සඳහා වන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, Cinnamon Hotel & Resort, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB) සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ සහයෝගයෙන් 2025 අප්‍රේල් 29 වන දින එමීර් රාජ්‍යයේ (UAE) ශ්‍රී ලංකා සමුළු තානාපති වැඩසටහන (SLCAP) සාර්ථකව දියත් කළේය.
මෙම වැඩසටහන හරහා, ශ්‍රී ලංකාව ආර්ථික වර්ධනය සඳහා සංචාරක අංශයේ රැස්වීම්, දිරිගැන්වීම්, සම්මන්ත්රණ, ප්‍රදර්ශන ( Meetings, Incentives, Conferences, and Exhibitions MICE) අංශයේ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධන කිරීම අරමුණු කරයි. සංචාරක ව්‍යාපාරය සහ විදේශ විනිමය ඉපැයීම් ඉහළ නැංවීම පමණක් නොව, තිරසාරභාවය, දැනුම හුවමාරුව, නවෝත්පාදනය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය ද ප්‍රවර්ධනය කරයි. උපායමාර්ගිකව ස්ථානගත කර ඇති ශ්‍රී ලංකාව ලෝක මට්ටමේ යටිතල පහසුකම්, අසමසම ආගන්තුක සත්කාරය සහ පොහොසත් සංස්කෘතික උරුමයක් ලබා දෙන අතර එය දකුණු ආසියාවේ කදිම MICE ගමනාන්තයක් බවට පත් කර ඇත.
ශ්‍රී ලංකා සම්මන්ත්රණ තානාපති වැඩසටහන යනු කලාපීය සහ ගෝලීය රැස්වීම්, සම්මේලන සහ ප්‍රදර්ශන සඳහා ප්රමුඛ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින්, තානාපතිවරුන් ලෙස කටයුතු කිරීමට දේශීය සංගම් නායකයින් සහ වෘත්තිකයන් බලගැන්වීම සහ සම්බන්ධ කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති සහයෝගී මුලපිරීමකි.
මෙම වසරේ පෙබරවාරි මාසයේ කොළඹ දී වැඩසටහනේ මූලික අදියර දියත් කෙරිණි. ඉන් පසු එමීර් රාජ්‍යයේ පදිංචි ශ්‍රී ලාංකික වෘත්තීය ප්‍රජාවේ කීර්තිමත් සාමාජිකයින් එමීර් රාජ්‍යයේදී එක්රැස් කරන ලදී. 2025/2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සමුළු තානාපතිවරුන් ලෙස කීර්තිමත් ශ්‍රී ලාංකික වෘත්තිකයන් දස දෙනෙකු පත් කරන ලදී. අජන්ත ප්‍රේමරත්න,චින්තක ලක්මාල් ගොඩහේන,ඉස්තියා රාසික්, ලක්නා අමරසිරි, මනෝජ් බෝගොඩ, පීටර් ඩී කවුවේ,රිසා මොහොමඩ්, සෑම් ෆර්නෑන්ඩෝ, තනූජා තෙන්නකෝන්, තුශිර රදැල්ල මීට ඇතුලත්ය. මොවුන්ගේ ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය ආශ්රිත ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස ඔසවා තැබීමය. කොන්සල් ජනරාල් කාර්යාලයේ පැවති චාම් උත්සවයකදී ඔවුන්ට පත්වීම් ලිපි නිල වශයෙන් ප්රදානය කරන ලදී. අනතුරුව රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්විණි.

ගුවන් සමාගම්, සංචාරක ආයතන සහ MICE අංශයේ නියෝජිතයින් ඇතුළු ප්‍රධාන හවුල්කරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ගෝලීය වශයෙන් දැනටමත් තානාපතිවරුන් 25 දෙනෙකු සම්බන්ධ වී සිටින SLCAP, ජාත්‍යන්තර සම්මන්ත්රණ සහ සිදුවීම් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රධාන නායකයින්ගේ විශේෂඥතාව සහ බලපෑම උපයෝගී කර ගැනීමට උත්සාහ කරයි.

ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ඇලෙක්සි ගුණසේකර මහතා විසින් ඩුබායි සහ උතුරු එමිරේට්ස් වෙත උණුසුම් පිළිගැනීමේ කතාවකින් සමඟින් උත්සවය ආරම්භ කල අතර, ඔහු ශ්‍රී ලංකාව MICE මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කළ අතර සියලුම හවුල්කරුවන්ට ඔවුන්ගේ සහයෝගීතාවයට කෘතඥතාව පළ කළේය.