Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

නව පළාත් ආයතන වල නිල කාලය ජූනි 2 දා සිට ඇරඹෙයි

May 10, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරිය ස්ථාන 89ක ප්‍රධාන මාර්ග සලකුණු අලුත් කිරීම දියත් කරයි

May 10, 2025

පාස්පෝට් පෝලිම් යලිත් ඇරඹෙයි

May 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Air Line»එමිරේට්ස් ගුවන් සමාගමේ නවතම ගුවන් යානය A 350 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
Air Line

එමිරේට්ස් ගුවන් සමාගමේ නවතම ගුවන් යානය A 350 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

kumudikaBy kumudikaMay 10, 2025Updated:May 10, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කොළඹට සහ ඉන් පිටතට ගුවන් ගමන් සඳහා නව ප්‍රමිතියක් ලබා දෙමින් එමිරේට්ස් ගුවන් සමාගමේ නවතම ගුවන් යානය වන එයාර්බස් A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත.

නවතම අභ්‍යන්තර අලංකරණයන්, කර්මාන්තයේ පෙරමුණ ගත් තාක්ෂණයන් හා නවෝත්පාදනයන්ගෙන් යුත් එමිරේට්ස් හි A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම මඟින් වසර 39ක් පුරාවට මෙම ගමනාන්තයට ගුවන් සේවා ක්‍රියාත්මක කරන එමිරේට්ස්හි කැපවීම තවදුරටත් ශක්තිමත් කරන අතර, මගීන්ට සුවිශේෂී සුවපහසුවක් ද ලබා දෙයි.

මේ සමඟ එමිරේට්ස් හි ඉතා ජනප්‍රිය ‘Premium Economy’ පන්තියේ අත්දැකීම පළමු වරට කොළඹ – ඩුබායි ගුවන් මාර්ගයේ එළිදක්වමින්, සතියකට දින හයක් ක්‍රියාත්මක වන EK654/655 ගුවන් සේවය සඳහා A350 ගුවන් යානය යොදවා ඇත.

එමිරේට්ස්හි ප්‍රිමියම් ඉකොනොමි පන්තියේ පාරිභෝගිකයින්ට ව්‍යාපාරික පන්තියට සමාන ක්‍රීම් පැහැති සම් හා ලී පැනල නිමාවකින් යුත් නිහඬ, සුඛෝපභෝගී අභ්‍යන්තරයක අත්දැකීම ලබාගත හැකිය.

එමිරේට්ස් හි A350 ගුවන් යානයේ අභ්‍යන්තරය පාරිභෝගික සුවපහසුව උපරිම කිරීම සඳහාම නිර්මාණය කර ඇති අතර එමඟින් නව්‍යෝත්පාදනයේ නවතම නිමැවුම් ප්‍රදර්ශනය වේ. මෙහි කැපී පෙනෙන විශේෂාංග අතරට අලුතින් නිර්මාණය කළ, වඩාත් සුවපහසු, ඉකොනොමි පන්තියේ කැබින්, වැඩිදියුණු කළ ව්‍යාපාරික පන්තිය හා ප්‍රිමියම් ඉකොනොමි පන්තියේ කැබින්,  4K සහ 4K HDR අතිශය ප්‍රතිචාරාත්මක ස්පර්ශ තිර සහිත ඕනෑම ගුවන් යානයක පවතින හොඳම රූප ගුණාත්මකභාවය, සියලුම පන්තිවල පුළුල් අන්තරාල සහ අමතර උසකින් යුත් සිවිලිම් සහ සියලුම A350 ගමනාන්ත හරහා අඛණ්ඩ ගෝලීය සම්බන්ධතාවක් සහිත වේගවත් Wi-Fi පහසුකම් ද ඇතුළත් වේ.

එමිරේට්ස් 1986 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව ගුවන් මෙහෙයුම් ආරම්භ කළ අතර මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා සමඟින් මෙරට සංචාරක සහ අපනයන කර්මාන්ත සඳහා නිරන්තරයෙන් තම සහයෝගය ලබා දෙමින් සිටියි. සම්මානලාභී ගුවන් සේවය සිය මෙහෙයුම් ආරම්භ කළ දින සිට කොළඹ වෙත හා එහි සිට ගුවන් මගීන් මිලියන 12කට වැඩි පිරිසකට ගමන් පහසුව සලසා ඇත.

දෛනික ගුවන් ගමන් හතරක් සමඟින් කොළඹ හා ඩුබායි අතර (දෙපසට ම) ක්‍රියාත්මක වන ගුවන් සේවාව මගින් එම යානාවලම ටොන් 160ක් දක්වා භාණ්ඩ රැගෙන යාමේ හැකියාව සමඟින් දිනකට ආසන 2,800 කට වැඩි සංඛ්‍යාවක් ලබා දෙයි.

Featured Middle East Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසයිබර් ආරක්ෂාව ගැන වඩාත් සැළකිලිමත් වන්න – ශ්‍රී ලංකා සර්ට් ආයතනයෙන් දැනුම් දීමක්
Next Article එමීර් රාජ්‍යය, ඇමරිකාව සහ ජර්මනිය අභිබවමින් Open Data Report හි ගෝලීය වශයෙන් 10 වන ස්ථානයට
kumudika

Related Posts

නව පළාත් ආයතන වල නිල කාලය ජූනි 2 දා සිට ඇරඹෙයි

May 10, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරිය ස්ථාන 89ක ප්‍රධාන මාර්ග සලකුණු අලුත් කිරීම දියත් කරයි

May 10, 2025

පාස්පෝට් පෝලිම් යලිත් ඇරඹෙයි

May 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.